25 C
Colombo
Sunday, May 19, 2024

ධම්මිකගේ තැන හර්ෂට

- Advertisement -

ධම්මික පෙරේරා මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ වැලිබල් වන් සමූහයේ සභාපති තනතුරට ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා පත්කර තිබෙනවා.

2022 ජුනි 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

වැලිබල් වන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ හර්ෂ අමරසේකර මහතා ප්‍රවීන නීති වෘත්තිකයකු වන අතර වාණිජ නීතිය, ව්‍යාපාර නීතිය, සුරැකුම්පත් නීතිය, බැංකු නීතිය හා බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ විශේෂඥයකු වන අතර බේරුම්කරණය හා ජාතික වශයෙන් පවතින අර්බුද යන ක්ෂේත්‍රවල ද සුවිශේෂී පළපුරුද්දක් ඇති අයෙකු වේ.

හර්ෂ අමරසේකර මහතා මේ වනවිට සම්පත් බැංකුවේ සභාපති, CIC හෝල්ඩින්ග්ස් පීඑල්සී (සභාපති), ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී (සභාපති), වැලිබල් පවර් එරත්න පීඑල්සී (සභාපති), එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් පීඑල්සී, ෂෙව්රෝන් ලූබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (සභාපති), ඇම්බියන් කැපිටල් පීඑල්සී, සහ අමායා ලෙෂර් පීඑල්සී ඇතුළු කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කර ඇති ප‍්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

එසේම ඒ මහතා CIC ඇග‍්‍රි බිස්නස් (පුද්) සමාගම සහ ස්විස්ටෙක් ඇලූමිනියම් ලිමිටඞ්හි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර අමානා බෑන්ක් පීඑල්සීහි සමාරම්භයේ සිට 2020 වසරේ පෙබරවාරි මස විශ‍්‍රාම යන තෙක් අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.

වැලිබල් වන් සමූහයේ හිටපු සභාපති ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වන බැවින් ඒ මහතා තමන්ගේ සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඇතුළු සියලු තනතුරුවලින් පසුගියදා ඉවත් විය.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...