පසුගිය දින කිහිපය පුරාවටම ජනාධිපතිවරයා සම්බන්දයෙන් වූ ඡායාරූපයක් සම්බන්දයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිවුණා. එහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම ආර්යාව, මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව හා අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පසුගියදා අනුරාධපුරයේ පැවති ආගමික චාරිත්‍රවලින් අනතුරුව ආහාර ගන්නා ආකාරයක් දැක්වුණා. මෙම ඡායාරූපය ව්‍යාජ ඡායාරූපයක් බවත් සංඝයාවහන්සේලා සිටගෙන සිටින අවස්ථාවක මෙම ප්‍රභූන් වාඩිවී නොසිටින බවටත් ඇතැමුන් තර්ක කළා. එබැවින් එය ව්‍යාජ එකක් බවත් පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය විසින් ජනාධිපතිවරයා අපහසුතාවට පත්කිරීමට සංස්කරණය කල මෙම ඡායාරූපය සමාජ මාධ්‍යයන්හී ප්‍රසිද්ධ කර ඇති බවටත් බොහෝ දෙනා චෝදනා කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පාඨලී චම්පික රණවක මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වන මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ඡායාරූපය ව්‍යාජ එකක් නොවන බවටත් එම අවස්ථාවේ ඡායාරූප ගැනීම තහනම් කර තිබූ බවත් එබැවින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් එය පිටවූයේ කවර තැනැත්තෙකු මාර්ගයෙන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන බවත්ය.
ජනාධිපතිවරයාගේ ඡායාරූපය ව්‍යාජ එකක් නෙවෙයි

- Advertisement -
RECENT ARTICLES - SINHALA
මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.
විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි
ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...
BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ...
RECENT ARTICLES - ENGLISH
Breaking: Fuel prices reduced
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today.
Litre of...
Sangeeth Nipun Sanath Nandasiri passed away
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.
MR predicts LG Election date
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year.
Speaking to...