34 C
Colombo
Friday, May 3, 2024

ධනුෂ්ක යළි දිවයිනට

- Advertisement -

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03)  රාත්‍රියේ දිවයිනට පැමිණි තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට ලක් වූ ඔහු පසුව ඉන් නිදොස් කොට නිදහස් කෙරුණා.

ගුවන් තොටුපොළේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක, මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ඔහු සමඟ රැඳී සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව ප්‍රකාශ කළා .

ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසුවේ  තමන් ඉතා ඉක්මනින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය පුහුණවීම් කටයුතුවල නිරත වීමට අදහස් කරන බවයි.

එමෙන්ම ඉදිරියේදී යම් කොන්දේසි මත ධනුශ්ක ගුණතිලකට ක්‍රීඩා කිරීමට අවසර ලබා දීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්  මාධ්‍යවේදියෙකු විසින් ඔහුගෙන් විමසා තිබුණා.

ධනුශ්ක එහිදී පැවසුවේ එම කොන්දේසි පිළිබඳව තමා දැනුවත් නොමැති අතර ඉදිරියේදී යළි ක්‍රීඩා කරන්නේ නම් එම කොන්දේසි මොනවාද යන්න පිළිබඳ සලකා බලන බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...