30.9 C
Colombo
Thursday, April 25, 2024

ජයශංකර් පැමිණියේ පළාත් සභා ගැන තරවටුවට ද?

- Advertisement -

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්.ජයශංකර් මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ ඊයේ(5)ය. ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ සවස 4.20 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටට පැමිණි ඔහු තම තෙදින නිල සංචාරය නිමකිරීමට නියමිත හෙට(7)ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවන ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ගමනේ අරමුණ කුමක්ද යන්න ගැන වැඩියෙන්ම අවධානය යොමුකරගෙන සිටින්නේ චීනයයි. විශේෂයෙන්ම 2021 වසරේදී ඉහළ පෙළේ විදෙස් දූත පිරිසක් ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව වන මෙය ඉන්දීය විදෙස් ඇමැතිවරයාගේ පළමු නිල විදෙස් සංචාරයද වේ.
ප්‍රසිද්ධ තලයේදී මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ බහුවිධ සහයෝගිතා ක්‍ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම හමුවේදී අපේක්ෂා කරන බවයි. එහෙත් 1987 අස්සන් තැබූ ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් වූ දේශපාලන සාකච්ඡාවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට පැවැරීම ගැන වූ විවාදයත් තීව්‍ර මොහොතක විදේශ අමාත්‍යාංශයේ නිවේදන හා යථාර්ථය අතර දුර මැන බලන්නට සිදුවන්නේ ආසන්න දේශපාලන සිදුවීම්වලිනි. 
විශේෂයෙන්ම ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ලංකාගමනය චීනයට කෙතරම් සංවේදීද යන්න ඊයේ(5)ම පැහැදිලි විය. ඒ මෙරට චීන තානාපති ජී සෙන් හොන් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මුණගැසීමට ඊයේ දිනයම යොදාගැනීමෙනි. හමුවෙන් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේ කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ඇතු`ඵ මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙන්ම ආර්ථික සහයෝගිතාව ඇතු`ඵ පු`ඵල් පරාසයක කරුණු සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමු වූ බවයි. පසුව රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් ද ආයෝජන, වෙළෙඳ සහ සංචාරක ක්‍ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු වූ බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
ද හින්දු පුවත්පතට ලිපියක් සපයන මීරා ශ්‍රීනිවාසන් පවසන්නේ කලාපයේ නැග එන චීන ආධිපත්‍ය කළමනාකරණය ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ගමනේ ප්‍රමුඛ අරමුණක් බවයි. විශේෂයෙන්ම පාලක රාජපක්ෂ ආණ්ඩුව ඉන්දීය මැදිහත්වීමෙන් අස්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වූ පළාත් සභා අහෝසි කිරීමේ වෑයමක සිටින සමයක මෙම ගමන සිදුවීම අවධාරණකටයුතු බවය. 2019 වසරේදී යහපාලන ආණ්ඩුව සමයේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව හා ජපානය සමග ත්‍රෛපාර්ශ්වික ලියැවිල්ලකට අත්සන් තැබුවේ ලංකාවට පර්යන්තයේ සම්පූර්ණ අයිතියත් මෙහෙයුම්වලින් 51%ක වැඩකොටසකුත් හිමි වන පරිදිය. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කෙරුණු කෙනිත්තිලි හමුවේ ජපානය එයින් ඉවත් වූ අතර අදාළ ලියැවිල්ලේ ඇති බැඳීම් හේතුවෙන් ඉන්දීය සමාගමක් සමග නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය කළ යුතු බවට පසුව රාජපක්ෂ ආණ්ඩුවේ නායකයෝ පැවැසූහ. 
කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයන් හා වෘත්තිකයන් අවධාරණය කරන්නේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පැවැරීමට එහි කිසිදු තර්කමය පදනමක් නැති බවයි. රජයේ තීරණ ගන්නන් තමන් භාරයේ ඇති පොදු දේපළ ඒවායේ සැබෑ අයිතිකරුවන් වන රටේ පුරවැසින්ගෙන් නොවිමසා අන්සතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි ජාතික ඒකාබද්ධ කමිටුව පසුගියදා නිවේදනයක් නිකුත් කළේය. හිටපු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කේ.එම්.බී කොටකදෙණිය සහ විශ්‍රාමික ලුතිනන් කර්නල් අනිල් අමරසේකර යන මහත්වරුන් සමසභාපතිත්වය දරන මෙම සංවිධානය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවැරීමේ ඇති නෛතික සුජාතභාවය ප්‍රශ්න කර සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ජී වගන්තිය අනුව පොදු වත්කම් ආරක්ෂා කිරීම රටේ සෑම පුද්ගලයකුගේම වගකීමක් යැයි ද කොළඹ වරායේ සිදුකරන අතරමැදි භාණ්ඩ ප්‍රවාහනය ව්‍යාපාර කටයුතු ඉවතට ගෙනයාමේ නිශ්චිත අරමුණකින් අදාළ ඉන්දීය සමාගම මෙම ගනුදෙනුවට මැදිහත්ව ඇති බව පැහැදිලි යැයි ද ජාතික ඒකාබද්ධ කමිටුව පවසයි. දැනටමත් එම සමාගම කේරලය ඇතු`ඵ දකුණු ආසියානු කලාපයේ වරාය කීපයක්ම සංවර්ධනය කරමින් සිටින බැවින් කොළඹ වරායේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි යැයි ද එම නිවේදනයේ සඳහන් විය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ආගමනය ගැන අදහස් දක්වමින් පැවැසුවේ ද මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය අකර්මණ්‍ය කිරීමට ඉන්දියාව කටයුතු කරනු ඇති බවය.
“විදේශ ඇමැතිවරයකු එන්නේ නිකන් නෙවෙයි. ඇමෙරිකානු විදේශ ලේකම්වරයා මාසයකට කලින් ආවා. ඒ කොයි පැත්තට යනවාදැයි ලංකාව තීරණය කළ යුතු බවට ඇමෙරිකාවේදීම කියාගෙනයි. ලංකා ආණ්ඩුවේ නෝන්ජල්භාවය මත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න සියලු සැලසුම් සකස් කරලා අවසන්. මේක දෙන්නේ යන්නේ අදානි සමාගමට. තව ඩොලර් මිලියන 500 කින් මේකෙ වැඩ අවසන් කරන්න පු`ඵවන්කම තිබෙද්දී ඩොලර් මිලියන 700කට මේක දෙන්නේ. අවුරුදු 10ක් වරායේ මෙහෙයුම් කළොත් ඩොලර් මිලියන 4000 ක ලාභයක් ලංකාවට ලබාගන්න පු`ඵවන්. ඉන්දියාව නැගෙනහිර පර්යන්තය සියතට ගෙන ඒක අකර්මණ්‍ය කළාම ලංකාවට එන නැව් ටික ඉන්දියාවට හරවාගන්න පු`ඵවන්. එතකොට ලංකාවට එන බිස්නස් එකත් ඉන්දියාවට.” 
දේශපාලන විවේචන මෙසේ පවතිද්දී ලංකාණ්ඩුව සිටින්නේ ද රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දැඩි ආතතිකාරී තත්ත්වයක බව පැහැදිලිය. විශේෂයෙන්ම අතරමැදි එකඟතා පිරි රාජ්‍යතාන්ත්‍රික හමුවලදී අපේක්ෂා කළ හැකි ආකාරයටම 2020 පෙබරවාරියේ අගමැතිවරයාත් මැයි මාසයේදී ජනාධිපතිවරයාත් ඉන්දියාවෙන් ඉල්ලා සිටි ණය හෝ ණය විරාමය ගැන ද මෙහිදී සාකච්ඡා වීමට ඇතැයි සිතිය හැකිය. විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රබලයන් පළාත් සභා අහෝසි කරන්නැයි කෑ ගසද්දී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නිහඬව සිටීම එහිලා කිසියම් දේශපාලන සලකුණකි. ඉන්දීය විදේශ ඇමැතිවරයා අවසන් වරට ලංකාවට පැමිණියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැඩබාරගත් දිනට පසුදාමය. ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව රාජ්‍ය සභාව හමුවේ අදහස් දැක් වූ ඉන්දීය විදේශ ඇමැතිවරයා පවසා තිබුණේ තමා දැන් මු`ඵ ලංකාවේ සියලුම ජාතින්ට නායකයා යැයි ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළ බවය. ඔහුට ඒ බව පැවැසීමට සිදුවූයේ එම්.ඩී.එම්.කේ නායක වයිකෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කළ චෝදනාව සමගය. 
ජයග්‍රහණයෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බරයේ තෙදින ඉන්දීය සංචාරයක නිරත විය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එරෙහිව එම්.ඩී.එම්.කේ ක්‍රියාකාරීන් විරෝධතා පැවැත් වූ අතර ඉන්දීය පොලිසිය විසින් වයිකෝ ඇතු`ඵ ආධාරකරුවෝ රැසක් අත්අඩංගුවට ගනු ලැබූහ. තමා සිංහල බෞද්ධ ඡන්දයෙන් බලයට පත් වූ බව පැවැසීමෙන් ශ්‍රී ලංකාවේ සු`ඵ ජනයා ගැන ඇති මානසිකත්වය පෙන්නුම් කළේ යැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට චෝදනා කළ වයිකෝ අවසන් යුද්ධයේ සිදු වී යැයි කියන සමූහ මිනිස් ඝාතනවලට ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු යැයි ද පැවැසීය. මේ නිසා ඉන්දීය රජයට වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ගනුදෙනු කිරීමේදී අභ්‍යන්තර වශයෙන් එල්ල වන පීඩනය සු`ඵපටු නැත. ඇමෙරිකාවේ දේශපාලන පරිවර්තනය සමග මෙම චෝදනාවලට වැඩි බලයක් ලැබෙන බව දැන් දැන් පැහැදිලිය.
පසුගිය වසරේ මැයි මාසයේදී ජනාධිපතිවරයා සමගත් සැප්තැම්බර් මාසයේදී අගමැතිවරයා සමගත් දුරකථන සංවාදය නිරතවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළ අතර ඉන්දීය ජාතික ආරක්ෂක අජිත් දෝවාල් ද නොවැම්බර් මාසයේදී ලංකාවට පැමිණියේය. දෝවාල් විශේෂ අවධානය යොමුකළේ ඉන්දීය සාගර කලාප කටයුතු ගැනය. මේ වනවිට තමිල්නාඩු ධීවරයන් 36 දෙනකු දේශසීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙරට ආරක්ෂක අංශ බාරයේ සිටින අතර ඔවුන්ගේ ධීවර යාත්‍රා ද ඇත්තේ ලංකාණ්ඩුව යටතේය. පසුගිය සතියේදී මෙම සිදුවීමට අදාළව ද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අන්තර්ජාලය හරහා සිදුවුණත් එම ධීවරයන් නිදහස් කරන්නේද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් එසේ බලද්දී ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් යනු මාස තුනක් ඉක්මයෑමටත් මත්තෙන් ලංකාවට පැමිණි අසල්වැසි ප්‍රබලයාගේ දෙවැනි නියෝජිතයාය. 
බිඳ වැටුණු චීන ඇමෙරිකා සබඳතා යළි ගොඩනැන්විය යුතු යැයි චීන විදේශ කටයුතු ඇමැති වෑන් ඊ ඔන් මහතා චීන ඇමෙරිකා ව්‍යාපාරික කවුන්සිලය හමුවේ පැවැසුවේ පසුගිය දෙසැම්බර් 7 වැනිදාය. යුදමය වශයෙන් කවර විවේචන මධ්‍යයේ වුව චීනයේ ආර්ථික ප්‍රවේශය එයයි. ඇමෙරිකාව, ජපානය හා ඉන්දියාව ප්‍රමුඛ දේශපාලන හවුල හමුවේ සිහි නුවණින් කටයුතු කිරීමේ වැදගත්කම චීනය නොදන්නවා නොවේ. එහෙත් එය තේරුම්ගැනීමේ තන්වැසි නුවණ නව රාජපක්ෂ රජයේ විදේශ පිළිවෙත් සකසන්නන්ට තිබේද යන්න තවම පැහැදිලි නැත.

RECENT ARTICLES - SINHALA

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...

සජිත් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාරතමේන්තුවේ ප්‍රධානීන් පිරිසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් අද (25) පස්වරුවේ විපක්ෂ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...