29 C
Colombo
Saturday, July 27, 2024

රිය අනතුරකදී පහරදීමකින් මන්ත්‍රී පුතෙක් අත්අඩංගුවට

- Advertisement -

රිය අනතුරක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකුට පහර දුන්නේ යැයි සැකපිට සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයකු (14) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මහරගම නගරය හරහා හයිලෙවල් මාර්ගයේ යමින් සිටි මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ තවත් මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකුට සැකකරු පහරදී තර්ජනය කර ඇති බවත් පොලීසිය කියයි.

පසුව පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ගමන්ගත් මෝටර් රථයට සුළු හානි සිදුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයාව ඇප මත මුදා හැර ඇති බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...