27 C
Colombo
Saturday, June 10, 2023

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ හඩපටය නිශ්ශංක සේනාධිපති ස්ථාන 10 කින් සංස්කරණය කරලා

- Advertisement -

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර පැවති දුරකතන සංවාදයක් සේනාධිපති මහතා විසින් පටිගත කර සංස්කරණය කර ඇති බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් තහවුරු කර තිබෙනවා.

2019 සැප්තැම්බර් මාසයේදී Youtube වෙත මුදා හැර තිබූ එකී සංවාදය හේතුවෙන් වික්‍රමසිංහ මහත්මියගේ වැඩතහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යවන බව රාජ්‍ය සේවා කොමිසම විසින් මීට පෙර ඇයට දැනුම්දී තිබුණා.

විනිශ්චය සභාව රාජ්‍ය සේවා කොමිසමට නියෝග කර ඇත්තේ ඉහත වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් තනතුරේ වික්‍රමසිංහ මහත්මියගේ රාජකාරි කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් ය.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා (ජූලි 30) විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබුණා.

මොරටුව විශ්ව විද්‍යාලයේ වාර්තාවක් ඇතුලුව විශේෂඥ වාර්තා තුනක් සනාථ කළේ මෙම පටිගතකිරීම සැලකිය යුතු ලෙස සංස්කරණය කර ඇති අතර, එය මූලික හඬපටයෙහි අඩංගු අදහස මූලික වශයෙන් විකෘති කර ඇති බවයි.

මේ අතර රජයේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.එල්. ගුණතිලකමහතා වික්‍රමසිංහ මහත්මියට එරෙහි චෝදනා ගැන පරීක්ෂණයක් පවත්වමින් කියා සිටියේ මෙම හඬපට පටිගත කිරීම ස්ථාන 10 කදී සංස්කරණයට ලක් කර ඇති බවයි.

තීන්දුවේ සඳහන් කර ඇත්තේ, එම පටිගතකිරීම තමා විසින් තම අවශ්‍යතාවයට ගැලපෙන ලෙස සංස්කරණය කිරීමට ලක් කළ බව මූලික විමර්ශනයේදී නිශ්ශංක සේනාධිපති මහතාගේ ප්‍රකාශයක් මඟින් පිළිගත් බවයි.

සංස්කරණය නොකළ හඩපටියක් ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාව ලබා දී ඇතත් එය කිරීමටද ඔහු අසමත් වී ඇත.

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකදී සේනාධිපති මහතා දුරකථන ඇමතුමක් ලබාගැනීමෙන් වික්‍රමසිංහ මහත්මිය උගුලකට හසුකරගෙන ඇති බව අදාළ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වජිර අබේවර්ධන මහතා සිය දුරකථනය වික්‍රමසිංහ මහත්මියට දිගු කරමින් පවසා ඇත්තේ තමන් හට වික්‍රමසිංහ මහත්මිය සමඟ කතා කිරීමට අවශ්‍ය බව නිශ්ශංක සේනාධිපති මහතාට පවසන බවයි.

ඔවුන්ගේ සංවාදය නීත්‍යානුකූල ප්‍රසම්පාදනය පිළිබඳ ප්‍රශ්නයකට සම්බන්ධ වූවකි.

අධිකරණයේදී කරුණු ඉදිරිපත් වී ඇත්තේ සේනාධිපති මහතා හිතා මතාම උගුලක් අටවා ඔහුගේ අවශ්‍යතාවය සඳහා ඇය සමඟ කරන ඕනෑම දුරකථන සංවාදයක් පටිගත කිරීමට පෙර සූදානමකින් බලා සිටි බව ඔප්පුවන බවයි.

මේ අතර, සේනාධිපති මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද හා බෙදාහරින ලද බව කියන හඬපට සහ වීඩියෝ පටය තුළින් තමාට සිදු වූ අලාභය හා හානිය සඳහා රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන ලෙස ඉල්ලා වික්‍රමසිංහ මහත්මිය සේනාධිපති මහතා වෙත එන්තරවාසි ලිපියක් ද යවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.