25 C
Colombo
Saturday, March 22, 2025

දුම්රිය වර්ජකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග?

- Advertisement -

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට අද (10) පස්වරු​වේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

එහි​දී වර්ජකයින්ගේ චෝදනාවලට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දැක්වූවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා මහත්මිය පවසන්නේ, මෙම වර්ජනය හිතාමතාම මහජනතාව සහ රජය අපහසුතාවයට පත් කිරීමට සිදුකරන එකක් බවයි.

එමෙන්ම එවැන්නක් සිදුකළ අයට අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගතයුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසලානි ද සිල්වා මහත්මිය,

“06 වනදා වනවිට උසස්වීම් ලිපි 57ක් අපි නිකුත් කරලා තිබුණා.  83න් 57ක් කියන්නේ 50%කටත් වැඩි අගයක්.  06 වනදා රාත්‍රියේ ඉඳලා වර්ජනය ක්‍රියාත්මක වූ නිසා මේ අයට මූලික කටයුතු කරන්නේ අපේ දෙපාර්තමේන්තුවේම උප දෙපාර්තමේන්තුවක් වන ධාවනබල දෙපාර්තමේන්තුව. අපි ධාවනබල දෙපාර්තතමේන්තුවට ගිහිල්ලා විමසීම් කරලා අඩුපාඩු සහිත ඉතුරු ඒවා ටිකත් එදා හවස 04 වෙනකොට අපේ දෙපාර්තමේන්තුවට යොමුකරලා තිබුණා. ඒ පත්වීම් ලිපි මේ වෙනකොට සකස් කරලා ඉවරයි. එතකොට සියලුම පත්වීම් 70ක් අපිට නිකුත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. පත්වීම් 13ක් පමණයි ප්‍රශ්න තියෙන්නේ. ඒවා දෙපාර්තමේන්තු කඩයිම් පරීක්ෂණ සහ දෙවන භාෂා ප්‍රවීණතාවය ලබාගැනීම සහ විනය පරීක්ෂණ කටයුතු අවසන් කර ගතයුතු වෙනවා ඒ පත්වීම් 13 ලබා දෙන්න.  ඒ වගේම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මාසයක් ඇතුලත විශේෂ පරීක්ෂණයක් තියන්න අපි සැලසුම් කරලා තියෙනවා. වර්ජනය මෙහෙයවන වෘත්තීය සමිතියේ ලේකම් තමයි වර්ජනය හැම වෙලාවෙම මාධ්‍ය තුළත් කතා කරනවා දකින්ට ලැබුණේ. සභාපතිවත් වෙන අයවත් හිටියේ නෑ. මේ වර්ජනය හිතාමතාම මහජනතාවත් රජයත් අපහසුතාවයට පත් කරන්න කරපු වර්ජනයක් විදියට තමයි  මම දකින්නේ.”  

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

POPULAR ARTICLES