28.5 C
Colombo
Monday, May 13, 2024

පොලිසියේ විනය පරීක්ෂණ වාර්තාව දේශබන්දුට‍

- Advertisement -

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාරදී තිබෙනවා.

විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර කෙරුණා.

විනය හා කල්ක්‍රියා හා නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත්.

කමිටුවේ නිර්දේශයන් කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටිය ඝාතනයේ සැකකරුවන් 9 දෙනාට අධිකරණය දුන් නියෝගය

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. එම සැකකරුවන්...

මාතර වෙරළේ දැවැන්ත තල්මස් සිරුරක්

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා. මෙලෙස ගොඩගසා ඇති තල්මස් සිරුර දිග මීටර් 5ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මිරිස්ස වනජීවී කාර්යාලය පවසන්නේ...

‘චන්ද්‍රපාල’ සොයා විදුරගෙන් මෙහෙයුමක්

සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන අසභ්‍ය වචන ඇතුළත් ගීතයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික කටයුතු...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...