නැවත වතාවක් සෞඛ්‍ය වැඩවර්ජනයකට යොමුවීමට හෙට (13) හෝ අනිද්දා (14) දිනයේ සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.
රවී කුමුදේශ් මහතා කියා සිටියේ, අද (12) මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
නායකත්ව මණ්ඩලය අද දහවල් රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් මෙම ගැටලුවට අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැති වුවහොත් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්විය හැකි බවත් ඔහු පැවසුවා.