29 C
Colombo
Saturday, July 27, 2024

නිදහසේ ඉන්න ඉල්ලන දිවුලපතන ගම්වැසියන්

- Advertisement -

දිවුලපතන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව බහුතරයක් වාසය කරන දිවුලපතන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ දිවුලපතන ගම්වාසින් පිරිසක් විසින් .

එහි වගඋත්තරකරුවන් ලෙස වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ නැගෙනහිර පළාතේ පිහිටි දිවුලපතන ගම්මානයේ ඈත අතීතයේ පටන් සිංහල ජනතාව වාසය කළ බවයි.

1974 වසර වන විට අදාළ ගම්මානයේ සිංහල පවුල් 618ක් වාසය කළ බවත් පෙත්සමේ සඳහන්.

එහෙත් අදාළ ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂක මුරපොළවල් ඇතුළු රජයේ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් නිසා එම ගම්මානයේ වාසය කරන සිංහල ජනතාවට සිය කෘෂිකාර්මික කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කරනවා.

රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන විවිධ බාධා කිරීම් හේතුවෙන් එම ගම්මානයේ ජනතාවට සිය ජීවිකාව නිදහසේ කරගෙන යාමට නොහැකි වී ඇති බවත් විවිධ දේශපාලන යටි අරමුණු මුල්කරගෙන මෙවැනි බාධා කිරීම් සිදුකෙරෙමින් පවතින බවත් පෙත්සමේ සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...