නිරෝධායන පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් තම සංගමය දැඩි ලෙස අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන පනතේ බලතල පොලීසිය ඇතුළු ආයතනයන් ට ලබාදී ඇත්තේ එය ඒකාකාරීව ක්‍රියාත්මක කිරීමට මිස එක් එක් පුද්ගලයන්ට වෙනස්ව සැලකීමට නොවන බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිරෝධායන පනතේ බලපත පොලීසිය ඇතුළු පුද්ගලයින් අවභාවිත කරන්නේ නම් රට තුළ කිසිවිටෙකත් එක් රටක් යන සංකල්පය ක්‍රියාත්මක නොවන බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මෙහිදී සදහන් කළා.
ප්‍රභූ පුද්ගලයන්ගේ අවමගුල් උත්සව වලදී, එක් එක් පුද්ගලයන්ගේ ජය සැමරුම් උත්සවවලදී නීතිය ක්‍රියාත්මක වූ ආකාරයත් කොතලාවල පනතට විරෝධතාවය දක්වන විට විරෝධතාකරුවන්ව බියවැද්දීම සඳහා නිරෝධායන පනත යොදාගත් ආකාරයත් දෙආකාර බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.