30 C
Colombo
Monday, May 29, 2023

චීන හමුදා ඇඳුමට සමාන ඇඳුම් අදින්න එපා

- Advertisement -

තිස්සමහාරාමය තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින්, හමුදා කැලෑ නිල ඇඳුමින් සැරසී සිටි බව මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්, (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම ඇඳුම, අදාල විදේශ සමාගමේ සේවකයින් අඳින ඇඳුමක් වන අතර ඔවුන් මහජන චීන විමුක්ති හමුදාවට අයත් නොවන අයවලුන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සනාථ කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

තවද, ඉදිරියේදී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස අදාල ආයතනය දැනුවත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙවැනි තත්වයන් මින් ඉදිරියට නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අදාල දේශීය පෞද්ගලික ආයතනයද දැනුවත් කර තිබෙන බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, එවැනි ඕනෑම උත්සාහයක් වැළැක්වීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.

Nathasha Edirisooriya arrested by CID

0
Nathasha Edirisooriya who made some controversial statements at a stand up comedy event held recently was arrested by the CID at Bandaranaike...

Distinguished diplomat Jayantha Dhanapala passed away

0
Jayantha Dhanapala, a distinguished diplomat who served as the United Nations Under-Secretary-General for Disarmament Affairs and as Sri Lanka's Ambassador to the...