තුන්වන කොවිඩ් රැල්ලේ මෙතෙක් වාර්තා වූ අවාසනාවන්තම සිදුවීම ලෙස කොවිඩ් ආසාදිත තෙමස් ගැබිණියක් මියගිය පුවත පෙරේදා (04) දිනයේ වාර්තා වුණා.
සිය කුළුදුල් දරුවා ප්‍රසූත කිරීමේ අපේක්ෂෘවෙන් සිටි මෙම මව කොවිඩ් නිවුමෝනියා තත්ත්වය උත්සන්නවීමෙන් රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරුණද ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.
රාගම – නාරංගොඩපාලුව ප්‍රදේශයේ පදිංචි ඇයගේ අවසන් කටයුතු ඊයේ (05) බටුවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.
කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබදව එයට මුහුණ දුන් වෛද්‍යවරයෙකු සංවේදී සටහනක් තබා තිබෙනවා.