25 C
Colombo
Saturday, December 9, 2023

වාහන 133 ක ලිපි ගොනු රේගුවෙන් අතුරුදන්

- Advertisement -

විවිධ චෝදනා මත රාජසන්තක කෙරුණු වාහන 435 කින් වාහන 133 කට අදාළ රේගු විමර්ශන ලිපි ගොනු අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාක් මඟින් අනාවරණය වී තිබෙනවා.

රාජසන්තක කෙරුණු වාහන  සහ බහාලුම් වෙන්දේසි හෝ අපහරණය කරන තෙක් රේගු අධීක්ෂණයේ රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව පෞද්ගලික ආයතනයකින් ගිවිසුම්ගතව ලබාගත්  වර්ග අඩි 18,000 ක   අංගනයක මේ වසරේ ජනවාරි 31 දක්වා වාහන 435ක්ද බහාලුම් 91 ක්ද රඳවා තිබුණ  බව  එම වාර්තාව පෙන්වා දෙනවා.

විගණන අංශ පවසන්නේ විවිධ වාහන 261 ක් සහ බහාලුම් 86 ක් වසර පහකට  අධික කාලයක සිට එම භූමියේ රඳවා තිබුණු අතර මෙම වාහන සහ බහාලුම් රැඳවීම සඳහා යොදාගත් භූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව එම භූමිය අයිති පෞද්ගලික ආයතනයට  රුපියල් කෝටි 8 කට ආසන්න අධික  කුලී මුදලක් ගෙවා ඇති බවයි.

වසර පහකට අධික කාලයක සිට ගාල්කර ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බව විගණන නිලධාරීන් මෙහිදී නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...