29 C
Colombo
Saturday, July 27, 2024

දේවානිට ගස් වෙනුවෙන් පෙනී ඉන්න බලතල තියෙනවද? – ආචාර්ය ජගත් ගුණවර්ධන

- Advertisement -

දැඩි කතාබහකට ලක්ව තිබෙන වේයන්ගොඩ – දාරළුව ප්‍රදේශයේ ඇති කෲඩියා සිලනිකා ශාඛය සහ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය පිළිබදව පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකර තිබෙනවා.

එය නම් කර තිබෙන්නේ ‘වනජීවී සංරක්ශනයේ වන සංරක්ශන නිලධාරීන් සතු බලතල​’ ලෙසයි.

එමගින් දේවානි ජයතිලක මහත්මිය සිය බලතල ඉක්මවා යමින් කටයුතු කළේද යන්න පිළිබදව පරිසරවේදියෙක් ලෙස සිය අදහස් පලකර ඇත.

අදාල සටහන පහතින්,

” මේ දිනවල කතා බහට ලක්ව තිබෙන සිද්ධියක් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය විසින් පසුගිය ඉරිදා Crudia zeylanica ගස් බේරා ගැනීම පිණිස කල මැදිහත්වීම වේ.
එම ක්‍රියාව කිරීමට ඇයට නීතිමය බලතල නැති බවට සහ එය තමන් සතු බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට යම් පාර්ශව විසින් අදහස් දක්වා තිබෙන බවට කෙරෙන විමසුම් වෙනුවෙන් මෙම ප්‍රතිචාරය පල කරමි.
වන සංරක්ෂණ ආඥා පනතේ 60 වන වගන්තිය අනුව එම දෙපාර්තමේන්තුවේ සියලුම වන නිලධාරීන් සාම නිලධාරීන් බවට පත්කර තිබේ.
ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විවිධ වගන්ති මගින් සාම නිලධාරීන් වෙත පිරිනමා තිබෙන බලතල ක්‍රියාත්මක කිරීමට වන නිලධාරීන්ටත් පූර්ණ බලතල හිමිව තිබේ.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 32 වන වගන්තියට අනුව යම් සංඥය වරදක නිරත වන අයෙකුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමේ බලතල තිබේ.
මීට වැඩිමනත් බලතල එහි 35 වන වගන්තියේත් තිබෙන මුත්, එය මේ අවස්ථාවේ විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත​.
වන සත්ව සහ වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ 67 ආ වගන්තිය අනුව එම පනතේ සියලු වරදවල් සංඥය වරදවල් ලෙස නම්කර තිබේ.
මේ ශාකය වන සත්ව සහ වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන 8 වන උප ලේඛනයේ ඇතුලත් නිසා ආරක්ෂිත ශාක විශේශයකි.
එසේ හෙයින්, මෙම අවස්ථාවේදී අදාල ගස් වලට හානිකර ක්‍රියාවන්හි යෙදී සිටි පුද්ගලයන්ව අත් අඩංගුවට ගැනීමට පවා අවශ්‍ය බලතල තිබුනි.නමුත්,එහිදී එවන් දැඩි පියවරක් නොගෙන තිබීම විශේෂත්වයකි.
මීට අමතරව වන සත්ව සහ වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය අනුව එම පනත ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන නියමිත නිලධාරීන් පත්කිරීමේ බලතල තිබේ.
ඒ අනුව 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ පලකරන ලද නියෝගයක් මගින් වන සත්ව සහ වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලබා දී තිබේ.
එසේම වන සත්ව සහ වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය යටතේදී පසු කාලීනව එම බලතල පොලීසියටත් හිමිව තිබේ.
ඉහත කී 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව පවරා තිබෙන බලතල මගේ නීතිඥ වෘත්තිය කාලය තුල ප්‍රථම වරට ක්‍රියාත්මක කලේ දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් 1990 දශකයේදීය​. (මට මතක තරමින් 1996දී).
ඒ නුවරඑලියේදී නීතිවිරෝධී ලෙස එකතු කරගත් ගිනිහොට (Tree Fern) ශාක වැටලීමක් සහ සැකකරුවන්ව වරදකරුවන් බවට පත්කරමින් සාර්ථකව නිමාවූ නඩු කටයුත්තක් වන සිද්ධියෙනි.
ඉන්පසුව ගෙවීගිය දශක දෙකකටත් අධික කාලයේදී මෙම නියෝගය අනුව ක්‍රියාකරමින් සාර්ථකව වනජීවීන් රැකගැනීමට ක්‍රියාකල වන සංරක්ශණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගනනාවක්ම සිටී.
මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ෂාකර ගැනීම පිණිස වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන අගනා දායකත්වයේ ආසන්නතම සහ ප්‍රකටම සිද්ධියත් වේ.
එබැවින් මෙම සිද්ධියේදී නිවැරදි ආකාරයන් ක්‍රියාත්මක වූ දේවානි මහත්මියට මගේ ප්‍රශංශාව සහ ප්‍රනාමය පිරිනමන්නෙමි. “

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...