26 C
Colombo
Friday, May 17, 2024

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

- Advertisement -

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

සමඟි ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ඊයේ (01) ඔහු මේ බව ප්‍රකාශ කළා.

වෙනත් කිසිදු පාර්ශවයකට ඒ සඳහා සැලැස්මක් නොමැති බවත් එසේ නොමැති කම හේතුවෙන් ඔවුන් විවාදයකට එළඹීම ප්‍රතික්ෂේප කරන බවත් හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ  හර්ෂ ද සිල්වා මහතා,

“අපේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහතාගේ පළවෙනි ධූර කාලය වන අවුරුදු 5 ඇතුළත අතරතුර රැකියා සහ ව්‍යවසායක අවස්ථා ලක්ෂ 10- 15 ත් අතර ප්‍රමාණයක් නිර්මාණය කරන්න… අපේ  දේශපාලන දර්ශනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, අපේ ආර්ථික ක්‍රමය සමාජ වෙළඳපොළ ක්‍රමය. එක පැත්තකින් අපි ආර්ථික නිදහස් සියලු දෙනාට ලබා දෙන අතරේ අනිත් පැත්තෙන් දේශපාලන නිදහස ලබා දෙනවා.අද ලක්ෂ 220න් ලක්ෂ 70 ක් වේල් තුන කන්න බැරි තත්වෙක ඉන්නෙ, මේ දරිද්‍රතාවය නැති කරන්න අපි බර අවි යොදවනවා”  

RECENT ARTICLES - SINHALA

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...