25 C
Colombo
Saturday, December 9, 2023

කිරි අල ගේන්නත් ඩොලර් වියදම් කරලා

- Advertisement -

මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 300 ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වන්නට ඩොලර් මිලියන 295 ක් වැය කොට ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

මෙලෙස ඩොලර් වැය කර සුදු ලූනු ,අල,කජු,ගොරකා ,තක්කාලි,ගස්ලබු කොමඩු, කිරි අල,අන්නාසි ,මෑ කරල්,කජු ආදියද ගෙන්වා තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

ආණ්ඩු පක්ෂයේ හිටියාට බොරුවට පම්පෝරි ගහන්න එපා යැයි ඇමතිවරුන්ට කියන බව පැවැසූ මන්ත්‍රීවරයා අමාත්‍යංශ වලට ජනපති වෙන් කළ මුදල් වලින් තමන්ගේ යුතුකම ඉටුකරන්න ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පවසා සිටියා

එසේ නැතුව තවදුරටත් කිරි අල, මඤ්ඤොක්කා, බතල ගෙන්වන ආර්ථිකයක් හදා වැඩක් නොමැති බව පැවසු විතානගේ මහතා මහ පොළොවේ වැවෙන බෝග ටික වවා ගන්නේ නැතිව පොළොව යට තියෙන ඛනිජ ගැන සෙවීමෙන් වැඩක් නොමැති බව සඳහන් කළා.

කිරි අල ,මඤ්ඤොක්කා ගෙනැවිත් රටේ තිබෙන ඩොලර් පිටරට වෙත යවන්න උත්සාහ කරනවා නම් එය සැමගේ අවාසනාව බවත් තමන්ට බාර දී තිබෙන කාර්ය සාධනය නිසි පරිදි කරන්න ලෙසත් වැඩිදුරටත් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...