26 C
Colombo
Saturday, May 18, 2024

බෝම්බ ප්‍රහාරයක් ගැන බිය වෙන්න එපා..! – ආරක්ෂක අමාත්‍යංශය

- Advertisement -

තහවුරු නොකළ බුද්ධි තොරතුරු පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද (05) සහ හෙට (06) දෙදින තුළ ‘කළු ජූලිය’ සනිටුහන් කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට සමාජ මාධ්‍ය වල පළවූ පුවත් වලට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යංශය මෙම නිවේදනය නිකුක් කර තිබෙනවා.

ඒ අනුව, පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම් වෙත යොමුකරන ලද ලිපියකට ප්‍රතිචාර වශයෙන් එම අමාත්‍යංශය විසින් නිවේදනය කරන්නේ, මේ පිළිබඳව මෙම බුද්ධි අංශ විසින් ලබා දුන් තහවුරු නොකරන ලද තොරතුරු සැලකිල්ලට ගෙන ඇති බවයි. මෙවන් ප්‍රහාරයකට අදාළව කිසිඳු පදනම් තොරතරක් නොමැති බව ද එම නිවේදනයේ සඳහන්.

රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් ජනතාව කුපිත කිරීම සහ රජය අස්ථාවර කිරීමට ද මෙවන් පුවත් යොදා ගැනෙන බව ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කර සිටිනවා.

මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ඉහළ ප‍්‍රමුඛතාවක් ලබා දෙන බැවින් ලැබී ඇති බුද්ධි තොරතුරු පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවත්, ඉහළ ආරක්‍ෂාවක්‌ තහවුරු කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද එකී නිවේදනයේ සඳහන්.


RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...