31 C
Colombo
Saturday, July 27, 2024

චිචීට ඉරිසියා කරන්න එපා තමන් මහන්සිවෙලා දියුණු වෙන්න..! – එරන්ද ගිනිගේ

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත (චිචී) රාජපක්ෂැ මහතාට ඊර්ෂ්‍යයා නොකළ යුතු බවත් තමන් මහන්සි වී වැඩ කිරීම සාර්ථකත්වයට මාර්ගය බවත් වියත්මග සංවිධානයේ ප්‍රබල සාමාජිකයකුව සිට, මෑතකදී ඉන් ඉවත් වූ එරන්ද ගිනිගේ මහතා අවධාරණය කරනවා.

ඒ ඉරාජ් වීරරත්න සමග යූටියුබ් සංවාදයකට එක්වෙමින්.

එරන්ද –

“දැන් මම දන්න තරුණයෝ ඉන්නවා ඒ තරුණයෝ තනියම මහන්සියෙන් පොඩි බිස්නස් එකක් පටන් අරගෙන, බයික් එකක් අරගෙන, වාහනයක් අරගෙන, මහන්සි වෙලා තමන්ට නැගිටින්න උත්සාහ කරන තරුණයො ඉන්නවා. ඒගොල්ලො එහෙම ඉන්නකොට ජේවීපී එක ඇවිල්ලා කියනවා ඕගොල්ලොන්ට මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ මේ රාජපක්ෂලා නිසා හරි ආණ්ඩුව නිසා හරි මොකක් හරි කියලා, අර මනුස්සයාගෙ තියෙන ධෛර්යය, උනන්දුව, උත්සාහය, කැපවීම ඔක්කොම නැතිකරලා දානවා”

ඉරාජ් –

“ඊට පස්සෙ ඒගොල්ලන් සෝෂල් මීඩියාවල චිචී බේබි මොනවද කරේ, අරයා මොනවද කරේ කිය කියා “

එරන්ද –

“මොකටද මේ අනිත් මිනිස්සුන්ගෙ ජීවිත … අපිට මොකද ? හූ කෙයාස් ? රයිට් ? ඒ කියන්නෙ ඒගොල්ලො ඒ අය ගැන වැඩිපුරම කතා කරන්නෙත් අන්තිමට ජේවීපීකාරයො. හරිද ? වී ඩෝන්ට් කෙයා, රයිට් ? ඉතිං ඒකයි. ඒ අනිත් මිනිස්සුන්ගෙ ජීවිත දිහා බලලා, ඒවාට ඉරිසියා කරගෙන, වෛර කරගෙන ඉන්න එක නෙවෙයි මේ සාර්ථකත්වයට මාර්ගය. සාර්ථකත්වයට මාර්ගය තමයි තමන් මහන්සි වෙලා වැඩකරන එක”

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...