25 C
Colombo
Wednesday, May 1, 2024

රටට එන සංචාරකයන්ට කාලකණ්ණි වැඩ කරන්න එපා – ඩයනා ගමගේ

- Advertisement -

මෙරටට පැමිණෙන විදේශිකයන්ට අපහසුතා ඇති කරන ඕනෑම අයකුට එරෙහිව දැඩි පියවරගන්නා බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ පවසනවා.

ඇතැම් සුළු පිරිසක් නින්දිත ලෙස කටයුතු කරමින් මෙවැනි අශෝභන හැසිරීම් වල නිරත වීම සම්බන්ධයෙන් ඇය මෙහිදි කණස්සල්ල ද පළ කර සිටියා.

මෙම පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් රටේ කීර්ති නාමයට තර්ජනයක් වන අතර ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ නොහැකි බව ඇය පෙන්වාදෙනවා.

වත්මන් සංචාරකයන් හොඳින් දැනුවත් පිරිසක් බවත් ඔවුන්ව පහසුවෙන් නොමඟ යැවිය නොහැකි බවත් රාජ්‍ය ඇමැතිවරිය අවධාරණය කරනවා.

ඇය මෙම අදහස් පළකළේ සංචාරකයන්ට පහත් ලෙස සැළකීම සහ ආහාර වේල් සඳහා අධික ලෙස මුදල් අයකිරීමේ සිද්ධීන් දෙකක් පසුගියදා කළුතර සහ කොළඹ අලුත්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...