28 C
Colombo
Saturday, July 27, 2024

විහාර හා දේවාලගම් පනතට අත තියන්නේ නෑ, මම එච්චර මෝඩයෙක් නොවේ

- Advertisement -

තමා අධිකරණ අමාත්‍ය ධූරය දරණ කාලය තුළ විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ එහි සංශෝධනයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (25) අවධාරණය කරන ලදි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ බුර්කාවෙන් මුහුණු ආවරණය තහනම් කිරීම සහ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා ද දැනටමත් පියවර ගෙන ඇති බවයි.


“මම අධිකරණ ඇමතිවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාර හා දේවාලගම් පනතට අත තියන්නවත් අපේ බලාපොරොත්තුවක් නෑ. හීනෙන්වත් හිතලවත් නෑ. අපි හැමෝම පිළිගන්නවා. මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති, බෞද්ධ ශිෂ්ඨාචාරය මත පදනම් වෙච්ච රටක්. මේ රටේ පුළුවන්ද සිංහල බෞද්ධ ජනතාවගේ පාරම්පරික අයිතිවාසිකම්වලට විරුද්ධව මට නීති ගේන්න.

මම එච්චර මෝඩයෙක් නෙමෙයි නේ. නොවැම්බර් වෙනකොට මුස්ලිම් නීතිය සංශෝධනය සඳහා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. පොදු ස්ථානවල මුහුණු ආවරණය කිරීම නොකළ යුතුයි කියලා, ඒක එක ප්‍රජාවක් ඉලක්ක කරගෙන නෙමෙයි තීරණය කළේ. රටේ ආරක්ෂාව ගැන හිතලා.”

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...