27 C
Colombo
Saturday, May 11, 2024

තෙල් මිල වැඩි කිරීමෙන් IOCයට දෙගුණයක් ලාභ; සංස්ථාව පාඩු ලැබුවේ ජනතාව ණයට තෙල් ගහලද..?

- Advertisement -

වසංගතයෙන් පීඩා විඳින ජනතාවට සහන දෙනවා වෙනුවට ඉන්ධන මිල වැඩිකිරීමත් සමඟ ජනතාව මහ පාරට ඇද දමා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

හදුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ අද (12) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

මෙලෙස ඉන්ධන මිල වැඩි කළේ ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් බව පැවසුවද ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වන අවස්ථාවල එම සහනය ජනතාවට ලැබී නැති බවත් මේ හරහා IOC සමාගම ඉහළ ලාභ ලබන බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයත් සමඟ පාරිභෝගික භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ යන බව‍යි සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කර සිටින්නේ. මාස 06ක් තුළ බිලියන 200ක මුදලක් රැස් කිරීමේ ඉලක්කය ඇතිව රජය විසින් පිහිටුවනු ලැබූ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලට සිදුවූයේ කුමක්ද යන්නත් ඒ මහතා රජයෙන් විමසා සිටියි.

”ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව පියවා ගන්න තෙල් මිල ඉහළ දමන බව ප්‍රකාශ කරනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවෙන හැම වෙලාවෙම ඒ සහනය ජනතාවට දීලත් නැහැ, තෙල් සංස්ථාවේ පාඩුව පියවලත් නැහැ. අමතර ලාභය මහා භාණ්ඩාගාරයට අරගෙන තිබෙනවා. පහුගිය කාලයේ තෙල් බැරල් එකක මිල ඩොලර් 40ට විතර අඩුවුණු වෙලාවේ ඒ සහනය ලබා නොදී ඉදිරියේදී තෙල් මිල වැඩිවූ අවස්ථාවල සහනය ලබාදීම වෙනුවෙන් අරමුදලක් හදන බව කීවා. මහ බැංකු වාර්තාවේම සඳහන් කර තිබෙන්නේ “වෙළඳපොළේ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන ඛනිජ තෙල් මිල ගණන්වලින් ප්‍රතිලාභ ලබමින් මාස 06ක් තුළ බිලියන 200ක මුදලක් රැස් කිරීමේ ඉලක්කය ඇතිව රජය විසින් ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනු ලැබේ” කියලා. ඉන්ධන මිල ස්ථාවරය පවත්වාගෙන යෑමේ අරමුදල මිල අඩුවුණු වෙලාවේ පිහිටවූවා. දැන් ඒ අරමුදලට මොකද වුණේ? 

අද ඒ අරමුදල ගැන ආණ්ඩුව වචනයක්වත් කතා කරන්නේ නැහැ. හැබැයි 2020 මහ බැංකු වාර්තාවෙන් තවත් තොරතුරු හෙළි වෙනවා. “ගෝලීය තෙල් මිල සාපේක්‍ෂ වශයෙන් පහළ මට්ටමක පැවතියද ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදනවල දේශීය මිල මට්ටම නොවෙනස්ව පවත්වාගෙන යෑම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ක්‍රියාකාරිත්වය 2020 වසරේදී වර්ධනය විය. විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව ඛනිජ තෙල් නීිතිගත සංස්ථාව පසුගිය වසරේ රු. බිලයන 19.1ක මෙහෙයුම් අලාභය හා සැසඳීමේදී 2020 වසරේ බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා වී ඇත” මාස කිහිපයකට කලින් බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් තිබුණා නම් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවේදී, අනික් පැත්තෙන් කෝටි 20,000ක අරමුදලක් හැදුවා නම් ජනතාවට දෙනවා කියූ සහනය දැන් දෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව කරලා තියෙන්නේ ජනතාවට පාරට බහින්න බැරි කරලා කොරෝනා වසංගතය පිට දාලා තවත් බර පටවමින් ඉන්නවා.”

ඒ අනුව මෙයට රටක් ලෙස විරෝධය දැක්විය යුතු බවයි හදුන්නෙත්ති මහතා පැවසුවේ.

”මේ මිල වැඩිකිරීමෙන් ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමටත් විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. 92 පෙට්‍රල් මිල වැඩි කිරීමෙන් රු. 157 දක්වා ගෙනත් තිබෙනවා. ගොඩබෑමේ වියදම රු.97.70යි. සැකසුම් වියදම් හැටියට 10.60ක්. එකතු කරනවා. මූල්‍ය පිරිවැය රු. 1.84ක් සහ රුපියලක පරිපාලන වියදම් එකතු කර තිබෙනවා. ඒවගේම රු.39.33ක බද්දක් එකතුකර තිබෙනවා. රු. 150.54ක මුළු වියදමක් ගණන් හදනවා. මේ තුළ තමයි රු. 157ක නව මිල තීරණය කරන්නේ. හැම පෙට්‍රල් ලීටරයකින්ම රු. 6.44ක ලාභයක් තෙල් සංස්ථාව ලබනවා. මේ ලාභය අයි.ඕ.සී. එකටත් දෙනවා. ඊට අමතරව සැකසුම් පිරිවැය හැටියට එකතු කර තිබෙන 10.60ක මුදලත් අයි.ඕ.සී. එකේ ලාභයක් හැටියට එකතු වෙනවා. 92 පෙට්‍රල් කාණ්ඩයෙන් විතරක් මේ ආකාරයේ අමතර ලාභයක් ලබාගන්නවා. තෙල් සංස්ථාව මිලදී ගන්නේ ණයවර ලිපි නිකුත් කිරීමෙන්. ඒ වෙනුවෙන් අමතර මුදලක් වියදම් වෙනවා. බැංකු ණය වෙනුවෙන්ද සංස්ථාව අමතර මුදලක් එකතු කරනවා. මේ වගේ අමතර විදයම් කිහිපයක් ඛනිජ තෙල් සංස්ථාවට දරන්න වෙනවා. හැබැයි අයි.ඕ.සී. සමාගමට මේ වියදම් අදාල වෙන්නේ නැහැ. මේ අනුව මිල වැඩි කිරිමෙන් විතරක් අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයකින් 12.84ක අමතර ලාභයක් ලබනවා.”

RECENT ARTICLES - SINHALA

මූතූර් වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමක

මූතූර් සාෆි නගර ප්‍රදේශයේ ඇති වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමකට ලක්වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මිට වසර දෙකක පමණ සිටඑම පාලම අබලන් තත්වයට පැමිණෙමින් පවතින බවයි. අවිධිමත් වැලි...

රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම්...

කෘත්‍රීම බුද්ධිය හා බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය හොයන්න බිලියනයක් වෙන්කරනවා-රනිල්

කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...