28 C
Colombo
Saturday, July 27, 2024

ජම්මු ගුවන් කදවුරට පුපුරණ ද්‍රව්‍ය හෙලූ ඩ්‍රෝන යානා පළාගොස් ඇතැයි හෙළිවේ

- Advertisement -

ඉන්දියාවේ ජම්මු හි ගුවන් හමුදා කදවුරට මීට දින තුනකට පෙර පුපුරණ ද්‍රව්‍ය හෙළිමට යොදාගත් ඩ්‍රෝන යානා දෙක නිරුපද්‍රිතව පළා ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ.

කුඩා ඩ්‍රෝන යානා දෙකක අසල ප්‍රදේශයක සිට ගුවන්ගත කරවා එමගින් පුපුරණ ද්‍රව්‍ය කදවුරු භුමියට වැටීමට සළස්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.

එහිදී එක් පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පතිත වීමෙන් කදවුරු භුමියේ ගොඩනැගිල්ලක වහලයකට හානි සිදුවී තිබූ අතර අනෙක් පුපුරණ ද්‍රව්‍ය පාර්සලය පතිත වී තිබුණේ විවෘත භුමියකටයි.

සිදුවීමෙන් අනතුරුව ඉන්දීය ගුවන් හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ දියත් කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ⁣මේ සදහා යොදාගත් ⁣කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානා ඉන් අනතුරුව නිරුපද්‍රිතව ඉවතට ගමන් කර ඇති බවයි.

කෙසේවෙතත්, මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට වඩා වැඩි තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්දීය ආරක්ෂක බලධාරීන් සදහන් කර ඇත්තේ විවිධ ත්‍රස්ත කණ්ඩායම්වලින් මින් ඉදිරියටද මෙවැනි ප්‍රහාර එල්ලවීමේ අවදානමක් ඇති බැවින් ඊට මුහුණදීම සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...