31 C
Colombo
Wednesday, March 29, 2023

බීමත් රාජ්‍ය අමාත්‍යවරයෙක් රුවන්වැලි සෑ පුදබිමේ යකා නටලා

- Advertisement -

මහනුවර දිස්ත්‍රීක්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු අධික ලෙස බිමත්ව රුවන්වැලිමහාසෑයට පැමිණ එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.

පසුගිය 05 වෙනිදා මධ්‍යම රාත්‍රියේ කොට කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී සිය පවුලේ සාමාජිකයින් සහ ආරක්ෂක නිලධාරින් සමග ඔහු පැමිණ ඇති අතර අවේලාවේ එම පුජා භූමියට ඇතුළුවීමට අවසර දිය නොහැකිබවට ආරක්ෂක අංශ ප්‍රකාශ කිරීමත් සමග කුපිත වූ රාජ්‍ය ඇමතිවරයා පොලිස් නිලධාරීන්ට බැනවදිමින් පූජා භුමියේ කලහකාරී ලෙස හැසිරී ඇත.

රුවන්වැලිමහාසෑය වන්දනා කිරීමට බැතිමතුන්ට දිනපතා රාත්‍රී 10.00 වනතෙක් අවස්ථාව ලබා දෙන අතර ඉන්පසු එහි කිසිවෙකුටත් ඇතුළුවීමට නොහැකිවන ලෙස පොලිසිය විසින් ප්‍රධාන පිවිසුම් දොරටුවල ඉබි යතුරු දමා වසා දමා එම යතුරු සිය භාරයට ගැනීම සාම්ප්‍රදායිකව සිදුකරනු ලබයි.

එසේ තිබියදී මෙම අමාත්‍යවරයා එදින මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ සිය පවුලේ ඥාතින් සහ ආරක්ෂක නිලධාරින් ඇතුළු දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සමග රුවන්වැලිමහා සෑය වෙත පැමිණ ඇත.

රුවන්වැලිමහා සෑ පුදබිමට ඇතුළුවීමට සංඝමිත්තා මාවත දෙසින් ඉදි කොට තිබෙන තොරණ සහිත පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණි රාජ්‍ය ඇමතිවරයා එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිට ඇති පොලිස් නිලධාරීන්ට තමන්ව හඳුන්වා දී තමන් ඇතුළු පිරිසට රුවන්වැලිමහසෑය වන්දනා කිරීමට යාමට අවශ්‍ය බව පවසා තිබේ.

එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරින් සෑම දිනකම රාත්‍රී 10.00 න් පසු මහසෑ භූමියට වසා දමන බැවින් ඊට අවසර දිය නොහැකි බව ඇමතිවරයාට පවසා තිබේ.

ඉන් ප්‍රකෝප වූ රාජ්‍ය ඇමතිවරයා “යකෝ මම ඇමතිවරයෙක්. ඇමති වරයෙකුට රුවන්වැලිසෑය වඳින්න දෙන්නෙ නැති නම් කවුද යකෝ වඳින්නෙ. එන්න කියාපියව් තොපේ මහ එකාට (පොලිස් ස්ථානාධිපතිවරයාට)”. යයි කියමින් ඝෝෂා කර තිබේ.

පැවති වර්ෂාව නිසා කළු පැහැති වැහි කබාවලින් සැරසී සිටි පොලිස් නිලධාරීන්ට “කළු ඇඳගෙන ගෙන ඉන්නෙ තොපි මොක්කුද” යනුවෙන් බැන වැදී ඇති අතර ඇමතිවරයාව සන්සුන් කිරීමට ඔහුගේ ආරක්ෂක නිලධාරින් සහ පවුලේ සාමාජිකයින් උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථවී ඇත.

එම අවස්ථාවේදී රාජ්‍ය ඇමතිවරයා බලහත්කාරයෙන් ස්වර්ණමාලි මහසෑ විහාරස්ථානයේ ආවාස ගෙය දෙසින් මහසෑ ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර ආරක්ෂක නිලධාරින්ද ඇමතිවරයාගේ ආරක්ෂාවට ඔහු පසුපසින් ගොස් ඇතත් ස්වර්ණමාලිමහසෑ භූමියට ඇතුළුවීමට හැකියාවක් ලැබී නොමැත.

එම අවස්ථාවේ අධික ලෙස බිමත්ව සිටි රාජ්‍ය ඇමතිවරයා වාරු නොමැතිව වරක් බිම ඇද වැටී ඇති බවද පැවසේ.

පසුව එහි මුරපොලේ සේවයෙහි නිරත පොලිස් නිලධාරින් මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩමළුව පොලිස් ස්ථානයට වාර්තා කොට ඇති අතර මේ බව පොලිස් නිලධාරින් විසින් පසුදින ස්වර්ණමාලිමහසෑ විහාරාධිකාරී පුජ්‍ය පල්ලෙගම් හේමරතන නාහිමිපාණන් වහන්සේටද සැල කොට ඇත.

රුවන්වැලිසෑ පින්බිමේදී රාජ්‍ය අමාත්‍යවරයෙකු පොලිසියට බලපෑම් සිදු කර බිමත්ව අවිනීතව සහ කලහකාරීව හැසිරුණු බව තමන් වහන්සේට රුවන්වැලිසෑය පොලිස් මුරපොලේ නිලධාරින් විසින් පෙරේදා (06) පෙරවරුවේ දැනුම්වත් කළ බව රුවන්වැලිමහසෑ විහාරාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පවසයි.

ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කොට නිත්‍යානුකුල පියවර ගැනීම පොලිසියේ රාජකාරියක් බව තමන් වහන්සේ පොලිස් නිලධාරීන්ට දැනුම් දුන් බවත් පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පවසයි.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...