ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කිරීමට බාධා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම අද (16) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
වැඩ බලන සභාපතිවරයා ලෙස තේරී පත් වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාට හා තමාට වැඩ බලන ලේකම් ලෙස කටයුතු කිරීමට බධා නොකර නියෝගයක් ලබා දෙන ලෙසද දුමින්ද දිසානායක මහතා මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.
ඒ අනුව, ඊයේ (15) දිනයේ මේ පිළිබඳව දීර්ඝ ලෙස සලකා බැලීමෙන් පසු එහි තීන්දුව අද උදෑසන ලබා දීමට නියමිතව තිබුණා.
කෙසේවෙතත්, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා තීන්දුව ප්‍රකාශ කරමින් පැවසුවේ, පෙත්සම්කරුට සිය ඉල්ලීම සම්බන්ධව නැවත සංශෝධිත පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටීමට හැකි බවයි.