29 C
Colombo
Wednesday, March 29, 2023

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ලංකා ගුරු සංගමයේ විරෝධය

- Advertisement -

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් නමින් තනතුරක් ඇති කර ඒ සඳහා දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයෙකු පත් කිරීමට මේ වන විට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවට ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අධ්‍යාපන පරිපාලනයට අදාළ තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් පවත්වා සුදුසුකම් සහිත පුද්ගලයන් විධිමත්ව බඳවා ගත යුතු බවත් එසේ තිබියදී ශ්‍රී  ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව ද උල්ලංඝණය කරමින් අධ්‍යානපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් නමින් තනතුරක් ඇති කර කැබිනට් පත්‍රිකාවක්  මගින් ඒ සඳහා පත් කිරීම් සිදු කිරීම අනීතික ක්‍රියාවක් බව එම නිවේදනයේ සදහන් කර ඇත.

දෙසැම්බර් 3 අදාල නිවේදනය නිකුත් කර ඇති අතර පසුගිය රජය සමයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් විසින් ද අනීතික ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා  අධ්‍යක්ෂ තනතුර සඳහා මංජුල කාරියවසම් නමැති බාහිර පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු කළ බවත් එහි සදහන් කර ඇත.

මේ ආකාරයෙන් අධ්‍යාපන පද්ධතිය තුළ අනීතික පත්වීම් නොකරන ලෙසත් සේවා ව්‍යවස්ථාවන්ට අනුව සුදුසුකම් සහිත පුද්ගලයන් අධ්‍යාපන පද්ධතියේ තනතුරු සඳහා පත් කරන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...