25 C
Colombo
Saturday, March 25, 2023

පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වැඩක් – ජවිපෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

- Advertisement -

පාස්කු ප්‍රහාරය පසුපස සිටියේ ඉන්දියාව යැයි ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයකු වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබේ.

“මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව” යනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම ප්‍රකාශය කර ඇත්තේ බී.බී.සී සිංහල සේවයට සාකච්ඡාවක් ලබාදෙමිනි.

බී.බී.සී සිංහල සේවය දක්වන පරිදි වෛද්‍ය නලින්ද ජයතිස්ස එම නිගමනයට එළඹ තිබෙන්නේ ප්‍රහාරය මෙන්ම එයින් පසුව ඒ ගැන සෙවීමට රාජ්‍ය මට්ටමින් කළ මැදිහත්වීම් ගැන ද විමර්ශනාත්මක සාක්ෂි ගණනාවක් පදනම් කරගෙනය.

බී.බී.සී සිංහල සේවය දක්වන ආකාරයට එම කරුණු මෙසේය.

1.හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශවලින් මුලින්ම තොරතුරු ලැබී තිබෙන්නේ 2019 අප්‍රේල් 04 වෙනි දිනය.
2.කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද එක් ඉලක්කයක් බව එම බුද්ධි තොරතුරුවල කියැවිණ.
3.ඒ අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වැඩි ආරක්ෂාවක් දෙන මෙන් ඉන්දියාව ඉල්ලීමක් කළේ ද, නොඑසේනම් එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ දැයි පාර්ලිමේන්තු කමිටුව කළ විමසීමට ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේ ‘නැත‘ යන්නය.
4.2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත විය.
5.එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබිණ.
6.කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිඳ, ‘සාරා‘ හෙවත් පුලස්තිනී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පලා ගොස් තිබේ. ඇය ඉන්දියාවට පලා ගියේ කෙසේද යන්න ද ප්‍රහේලිකාවකි.
7.ඇය ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණ අතර, ඉන්දියාව ද ඇය භාරදීමට සූදානම් බවක් නොපෙනේ.
8.පොලිසිය මෙතෙක් ‘සාරා‘ ගෙන් ප්‍රශ්න කොට නැති අතර, ජනාධිපති කොමිසම ද ඒ ගැන උනන්දුවක් නොදැක්වීය.
9.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර නැමැත්තා කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇනහිටීම ද සැකයට තුඩු දෙන්නකි.
10.එම ”ඝාතන ප්‍රයත්නයට” සම්බන්ධ බව පැවසුනු ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙක් ලෙස පවසමින් මුදා හැර තිබේ.
11.නාමල් කුමාර නමැත්තාගේ ඉහත කී ප්‍රකාශය යොදා ගනිමින් සහ්රාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පවත්වමින් සිටි විමර්ශනය නවතා දැමීම.

බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දක්වා ඇති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර ඇත්තේ පාස්කු ප්‍රහාරය වැනි දරුණු ප්‍රහාරයක් පිටිපස යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, සංවිධිත බුද්ධි තොරතුරු ජාලයක් වගේම හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් සිටිය යුතු නමුත් සහරාන්ට එවැනි ජාලයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් නැති බවය.

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...