28 C
Colombo
Saturday, July 27, 2024

පාස්කු වාර්තාව සමාජ මාධ්‍යයට අත තියයි?

- Advertisement -

සයිබර් අවකාශය ඔස්සේ වර්තමානය වනවිට ත්‍රස්තවාදය හා අන්තවාදය ප්‍රබල ලෙස ව්‍යාප්ත වන බව පවසන ජනාධිපති කොමිසම අයි.එස්, වහබ්වාදය, තව්හිද් ඇතුලු අන්තවාදි අදහස් ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය හා සයිබර් අවකාශය නියාමනය කළ යුතු බව අවධාරණය කර තිබේ.

අන්තවාදයේ ව්‍යාප්තියට බලපා ඇති මෙරට මද්‍රසා සහ අරාබි පාසල් රජයේ දැඩි නියාමනයකට යටත් කරන ලෙසද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ආගමික හේතු සහ විශ්වාසයන් මත පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කළ යුතු බවත්, කිසිම ආගමක නමක් දේශපාලන පක්ෂයක නාමයේ කොටසක් නොවිය යුතු බවය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂ සඳහා ඉහත කී නිර්ණායක මත නියමිත වෙනස්කම් සිදු කිරීමට සහන කාලයක් ලබාදිය යුතු බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම මෙරට තුළ ජනවාර්ගික හා ආගමික ගැටුම් ඇති කිරීමට හේතුවන අන්තවාදී සංවිධාන සහ පුද්ගලයින් පිළිබඳ නිගමන හා නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් වන සුෆි මුස්ලිම්වරුන්ට තර්ජනයක් වෙමින් රට තුළ වහබ්වාදය ව්‍යාප්තවෙමින් පවතින බව පවසන ජනාධිපති කොමිසම පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වහබ්වාදය තහනම් කළ යුතු බවය. අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදි සංවිධාන වන ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම සියලු තවුහිද් සංවිධාන ද වහබ් දෘෂ්ටිවාදය අනුගමනය කරන බැවින් ඒවාද තහනම් කළ යුතු බව කොමිසම පෙන්වා දෙයි.

කොමිසම නිර්දේශ කරන්නේ, ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රෂීඩ් හජ්ජුල් අක්බාර්ට එරෙහිව අපරාධ නඩු පැවරීම කෙරෙහි සළකා බලන ලෙසයි. එමෙන්ම, ආගමික අසමගිය පැතිරෙන ආකාරයේ වෛර ප්‍රකාශ සහ දේශන සිදුකිරීම පිළිබඳ අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ හැකි ද යන්න කඩිනමින‍් සලකා බලන ලෙස ද අදාළ නිර්දේශවලට ඇතුළත් ය.

ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ වැඩිදුරටත් නිර්දේශ කර ඇත්තේ ආගමික හෝ ජනවාර්ගික අසමගිය ඇති කිරීමට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙක් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකිවන අකාරයේ විධිවිධාන සම්පාදනය කරන ලෙසය.

එසේම මුස්ලිම් අධ්‍යාපන ආයතන වන මද්‍රසා සහ අරාබි විද්‍යාල දැඩි රජයේ නියාමන ක්‍රමවේදයකට යටත් කළ යුතු බව ජනාධිපති කොමිසමේ නිර්දේශය වී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියල්ල අධීක්ෂණය කළ යුතු යැයි නියම කර තිබේ. මද්‍රසා හි සියලුම මව්ලවිවරුන් සහ ගුරුවරුන් නියාමන ආධිකාරියක ලියාපදිංචි වියයුතු බවත් මද්‍රසා වෙත විදේශිය අරමුදල් ගලාඒම නියාමනය කළයුතු බවත් ජනාධිපති කොමිසම විසින් නිර්දේශකර ඇත.

සියලුම දහම්පාසල්, ඉරිදා පාසල් සහ අහඩියා සහ තක්කියා පාසල් රජය විසින් එකම ආයතනයක් යටතේ නියාමනය කළයුතු බවද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් ය.පවත්නා සියලු පාසල් බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හෝ ඉස්ලාම් යන ආගමික බෙදීම්වලින් නිදහස් කළ යුතු අතර සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා ආගමික අධ්‍යාපනය යන නව විෂයක් ඉගැන්විය යුතු යැයි ජනාධිපති කොමිසම නිර්දේශකර තිබේ.

සියලුම ආගමික කටයුතු සඳහා පැවතිය යුත්තේ එකම අමාත්‍යාංශයක් පමණක් බවත්, එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවතිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීති සම්පාදනය කළයුතු බවත් ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇති තවත් නිර්දේශයකි.

විවිධ ප්‍රජාවන් අතර වෙනස්කම් ඇතිවීම වැළැක්වීම සඳහා එක රටක් එක් නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති කොමිසම නිර්දේශකර තිබේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...