25 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

විදුලි බිල සියයට විස්සකින් අඩු කරන්න පුලුවන්

- Advertisement -

විදුලි බිල සියයට 10 ත් 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑම වැඩි හැකියාවක් ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (29) පැවසුවා.

ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පවසා සිටියා.

මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 1 වැනිදා ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මෙම සතියේ විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහිදී ජනතාවට සැළකිය යුතු විදුලි ගාස්තු අඩු වීමට ලැබිය යුතු බවත් ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනතින් විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව පැවසු පරාක්‍රමසිංහ මහතා විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට දැන්ම සිටම කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළි​ය මාස හතරකින් ගෙවල් කුලී ගෙවලා නැ​හැ

මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට...

තැපැල් ස්ථානාධිපතිට වටකරගෙන ගහ​ලා

පානදුර තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයින් පස්දෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසනවා. තැපැල් ස්ථානාධිපතිවරයා සහ පහරදීමට...

රටේ බෙදීම නිසා තමයි පාස්කු ප්‍රහාරය වුණේ – අනුර

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහ​තා පවසනවා. 1947 වර්ශයේ නිදහස ලබාගත් ඉන්දියාව,...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන්තොටුපලේ ගෙවන පර්යන්තයෙන් එළියට ඇවිත්

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියා. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට්...