29 C
Colombo
Saturday, July 27, 2024

ගල්කිස්සේ නිවසක විදුලි වංචාවක්. මාධ්‍ය ආයතන ප්‍රධානියෙකුගේ නමත් ගෑවිලා.

- Advertisement -

ගල්කිස්ස – ටෙම්පලර්ස් පාරේ දෙවියානි ද අල්විස් නැමැත්තියකට අයත් නිවසක කලක පටන් සිදුකරගෙන යන අනවසරෙන් විදුලිය ලබාගැනීමේ සිදුවීමක් සම්බන්දයෙන් නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

2100298402 යන විදුලි පාරිභොගික ගිණුමට අයත් මෙම නිවසේ විදුලිය ලබාගැනීමේදී මහාපරිමාණයෙන් සිදුව ඇතැයි කියන මෙම වංචාව සම්බන්දයෙන් නඩු අංක B439/21 යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.

ප්‍රදේශවාසීන් රත්මලාන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා හට පෙත්සමක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත්තේ මීට අදාල විමර්ශන කටයුතු සිදුවන ආකාරය පිළිබදව තමන් හට කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවයි.

මෙම නිවස අයත් කාන්තාව හා සම්බන්ද පෞද්ගලික නාලිකාවක හිමිකරුවෙකුගේ බලපෑම මත අදාල විමර්ශන අයාලේ යමින් පවතින බවට ප්‍රදේවාසීන් චෝදනා කරනවා.

ඒ අනුව එම නාලිකාවේ සුළු සේවකයෙකු සම්බන්ද කරමින් ඔහුට විරුද්ධව අදාල නඩුව පවරා ඇති බවට අදාල පෙත්සමෙන් ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මීට පෙර 2012 වසරේදීත් අදාල නිවසේ විදුලි වංචාවක් සිදුවී ඊට වෙනත් පුද්ගලයෙකු පිට වරද පටවා දඩ මුදලක් ගෙවීමෙන් සිදුවීම සමතයකට පත්කරගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...