මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින් 80% ක පමණ මේ වනවිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
ඉතිරි ප්‍රදේශ සඳහා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කරමින් ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.