28 C
Colombo
Saturday, July 27, 2024

ධනය සහ බලය ඉදිරියේ අසාධාරණයට ලක්වන අලි ජීවිත

- Advertisement -

2023 අවුරුද්දේ අවසන් මාස හත ඇතුළත මිනිස් ක්‍රියාකාරකම් නිසා වන අලි ජීවිත 256 ක් විනාශ වෙලා තියනවා කියලා පුවත්පත් වාර්තාවල සදහන් වෙනවා. දළ කපා ගැනීමේ අරමුණින් සිදුකළ වෙඩි තැබීම්, වගා බිම් ආශ්‍රිතව බදින ලද තුවක්කුවලින් වෙඩි වැදීම්, දුම්රිය හෝ වෙනත් වාහනවල ගැටීම් ආදිය මීට ඇතුළත්. ඒ වගේම කෑලෑවෙන් අල්ලා ගන්නා අලි පැටවුන් ගෘහාශ්‍රිතව ඇති කිරීමට උත්සාහා කිරීම නිසා සිදුවූ අලි ජීවිත හානිත් මීට ඇතුළත්. සාමාන්‍යෙයන් මේ අන්තිම කාරණය ගැන සමාජය තුළ කතිකාවන් මතු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කැලෑවෙන් අලි ඇතුන් අල්ලා ගෙන ගෘහාශ්‍රිත කිරීම සාමාන්‍ය කෙනෙකුට කරන්න බැහැ. ඒ වෙනුවෙන් බලයක් සහ ධනයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ දෙකම ඇති තරම් තිබෙන අය තමයි මේ වැඩේට අත ගහන්නෙ. ඒ වගේ අය ගැන මාධ්‍යවලින් හෙළි නොවන තැනට වග බලා ගන්න ඒ අය දන්නවා.

මේ ගැන පරිසරවේදී සාජීව චාමිකර (ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය) මහතා කියන්නේ මෙහෙම දෙයක්.

‘‘වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව කැලයෙන් අලි ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවක්. එහෙම අල්ලා ගන්නා සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවකුත් නැහැ. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරන අලි – ඇතුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමටයි. එමෙන් ම වාසස්ථාන විනාශය හේතුවෙන් අලි – ඇතුන්ගේ ස්වාභාවික ගහනය සීග්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. ඒ තත්ත්වය මැඩපැවැත්වීම මෙන් ම ස්වභාවික ගහනයේ පැවැත්මට බලපෑම් එල්ල කරන වෙනත් ක්‍රියා වැළැක්වීම මෙම නීති ගොඩනැංවීමේ අරමුණ වෙලා තියනවා.

එපමණක් නොවේ මෙරට වියළි කලාපයේ වනාන්තර පද්ධති සංරක්ෂණය අලි – ඇතුන් පදනම් කර ගෙන ගොඩනැංවී තිබීම නිසා වියළි කලාපයේ බොහෝ ජල පෝෂක වනාන්තර ප්‍රමාණයක් සුරක්ෂිත වී ඇති අතර ඒ මත කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාවය තහවුරු වෙලා තියනවා. නමුත් පසුගිය දශක දෙකක කාලය තුළ මේ තත්ත්වයන් සියල්ල සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් ස්වාභාවික වාසස්ථාන වලින් නීති විරෝධීව අලි පැටවුන් අල්ලා විකිණීමේ දැවැන්ත ජාවාරම ක්‍රියාත්මක වුණා. දැනට තහවුරු කළ වාර්තාවලට අනුව 2000 වසරෙන් පසුව අලි පැටවුන් ජාවාරම්කරුවන් විසින් කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් ගණන 51 ක්. ඒ අතුරෙන් අලි පැටවුන් 39 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගෘහාශ්‍රිත අලින් ලෙස ව්‍යාජ ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කරලා තියනවා. ලියාපදිංචි නොකර නීති විරෝධීව රඳවාගෙන සිටි අලි පැටවුන් ගණන 12 ක්. විවිධ පුද්ගලයන් භාරයේ නීති විරෝධීව රඳවාගෙන සිටිය දී අලි පැටවුන් 39 ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරෙන් සතුන් 15 ක් අධිකරණ නියෝග මත නීති විරෝධී භාරකරුවන් වෙත නැවත භාර දෙනු ලැබුවා. මෙතෙක් අත් අඩංගුවට නොගෙන නීති විරෝධී භාරකරුවන් සන්තකයේ තබා ගෙන සිටින සතුන් ගණන 3 ක්. කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් තිදෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු වී ඇති නමුත් කූට ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කළ අලි පැටවුන් 6 ක් පිළිබඳ ව කිසිදු තොරතුරක් නැහැ. එම සතුන් මියගොස් ඇති බවට අනුමාන කරනවා. ‘‘

නීති විරෝධීව කැළයෙන් අල්ලා ගෙන ගෘහාශ්‍රිතව ඇති දැඩි කරන්නට ගොස් මේ වනවිට මියගිය අලි ඇතුන් ගැනත් ඔහු ස‍දහන් කළා. ඒ වගේම මේ නීති විරෝධී කාර්යයට සෘජුවම සම්බන්ධ අය ගැන සාක්ෂි පවා ඔහු ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබදව කරුණු ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...