ආර්ථිකමය වශයෙන් රට අභියෝගයකට මුහුණ පා ඇති වර්තමාන කාල සීමාව තුල දුෂණය පිටු දකිමින් මහජන විශ්වාසය දිනා ගනිමින් කටයුතු කිරිම සැමගේ වගකීමක් බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා,
ඒ මහතා මෙම අදහස් පලකරන ලද්දේ අරලියගහ මන්දිරයේදී අද (17) දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානින් අතර පැවති හමුවකදීයි.
එහිදී මුදල් අමාත්‍ය ගරු බැසිල් රජපක්ෂ මහතා අවධාරණය කරමින් කියා සිටියේ අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” පරිදි කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සදහා ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත්වු මහජන නියොජිතයින් වෙත සුවිශේෂී වගකිමක් පැවරී ඇති බවයි. ඒ වෙනුවෙන් කැපවෙන ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.



