27 C
Colombo
Saturday, March 22, 2025

සාපෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

- Advertisement -

අපොස සමාන්‍ය පෙළ විභාගය සඳහා ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඔවුන්ගේ භාරකරුවන් පවසා ඇත්තේ මෙම සිසුවියන් දෙදෙනා විභාගයට පෙනී සිටීම සඳහා ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ තිබුණත් ඔවුන් යළි නිවසට නොපැමිණි බවයි.

අදාළ සිසුවියන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ තිබෙනවා.

ඉන් එක් සිසුවියක් දෙමාපියන් සමඟ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව පැමිණිල්ලේ සඳහන්.

ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඔවුන් දෙදෙනා විභාග මධ්‍යස්ථානය අසල විභාගය ආරම්භ වීමට පෙර කතා කරමින් සිටි බවට සිසුන් කිහිපදෙනෙකු දැක ඇති අතර, ඉන් මඳ වේලාවකට පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවත් සිදුකළ මුලික විමර්ශනවලදී  අනාවරණය වී ඇති බවයි..

අතුරුදන් වූ සිසුවියන්ගේ තොරතුරු මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...