විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා අයි.ඕ.සී. සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිලධාරීන් හමුවට ගොස් තිබෙන්ද්.
ඊයේ (19) පැවති මෙම හමුවේදී බලශක්ති ක්‍ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල, ඉන්ධන අර්බුදය සහ ජාතික ඉන්ධන අවසර පත් ක්‍රමවේදය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අයි.ඕ.සී. සමාගමේ කළමනාකාරීත්වය සහ නිලධාරීන් දැක්වූ සහයෝගය එහිදී අමාත්‍යවරයාගේ පැසසුමට ද ලක්වුණා.
එමෙන්ම ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද එම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
