31 C
Colombo
Saturday, June 10, 2023

එක්දින තරඟාවලියේ ජයත් එංගලන්තයට

- Advertisement -

ශ්‍රී ලංකාව (241/9) සමග පැවති දෙවන එක්දින තරඟය කඩුලු 8කින් ජයගත් එංගලන්තය (244/2) තවත් තරඟයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

දි ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්තය පන්දු යැවීම තෝරා ගත්තා.

ඒ තීරණය අතිශයින්ම නිවැරදි බව තහවුරු කළ Sam Curran ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළේ ලකුණු 48කට කඩුලු 5ක් දවාගනිමින්.

සිය පළමු පන්දුවාර 2ක තුල ඔහු ලකුණු 3කට කඩුලු3ක් දවාගත්තේ ශ්‍රී ලංකා මුල් ⁣පෙල පිතිකරුවන්ට කල්වේලා ඇතුවම ක්‍රීඩාගාර⁣යේ අසුන් වෙන් කරමින්.

කරන්ට අනගි සහයක් ලබා දුන් David Willey ලකුණු 64කට කඩුලු 4ක් දවාගත්තා.

මුල්පෙල පිතිකරුවන් අමතක කල වගකීම පසුපෙල සමග භාරගත් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

ධනංජය ලකුණු 91ටත් දසුන් ශානක ලකුණු 47කටත් දැවීගියා.

නමුත් එංගලන්තය වෙනුවෙන් අර්ධ ශතක 3ක් රැස් කරගත් ජෝ රූට් (68), ඔයින් මෝර්ගන්(75) සහ ජේසන් රෝයි (60) පහසුවෙන්ම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ අනුව පන්දුවාර 43ක් තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 244ක් ලබා ගනිමින් එංගලන්තය තරගය ජයගත්තා.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...