25 C
Colombo
Monday, May 13, 2024

“ජය ශ්‍රී”ට එරෙහි වාරණ නියෝගය ඉවතට

- Advertisement -

මොඩ් ගොවියා” සහ “සුන්දරියේ “ගීත ඇල්බම් දෙකෙහි ජනප්‍රිය ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා අලෙවිය වළක්වමින් “ජය ශ්‍රී “සංගීත කණ්ඩායමේ ශිල්පීන් දෙදෙනෙකුට එරෙහිව පැනවූ වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (23) දින ඉවත් කරන ලදි.

වාරණ නියෝගය ඉවත් කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ‍ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැමිණිල්ල ලබන මැයි 27 වැනිදා කැඳවීමට දින නියම කළේ ය.

“ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ සාමාජික සංගීත අධ්‍යක්ෂ, තනු නිර්මාණ ශිල්පී හා ගායන ශිල්පී අරුණ ලියාන් මහතා බුද්ධිමය දේපොළ පනත යටතේ ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව සංගීත ශිල්පීන් වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත් ට මෙම වාරණය නිකුත් කර තිබුණි.

වාරණ නියෝගය නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් එය ඉවත් කරන ලෙස අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් දෙදෙනා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිටත් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින වගඋත්තරකරුවන් දෙදෙනා තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපල පනතට පටහැනි බවත් පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභා​ග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් ද අද (12) පොලීසිය විසින් අත්අඩංගුවට...

සාමාන්‍ය පෙළ විභාග​යේ ඉදිරි කටයුතු ගැන නිවේදනයක්

මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්...

සපුගස්කන්දට අකු​ණු සැර ව​දි​යි

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු​වේ ගෑස් සපයන නලයකට අද (12) පස්වරුවේ, අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගෙන තිබෙනවා. දැඩි වර්ෂාවත් සමග අද පස්වරු 4.30ට පමණ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...