27 C
Colombo
Saturday, June 10, 2023

ශානි වැදගත් සාක්ෂිකරුවෙක්. ආරක්ෂාව තහවුරු කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ එම පවුලේ සාමාජිකයන් හට ප්‍රබල ජීවිත අනතුරක් ඇති බවට දන්වමින් අබේසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත යොමු කර ඇති ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ජනමාධ්‍යවේදීන් අතුරුදහන් කරවීම, වධහිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම ඇතුළු සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ශානි අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් සිදුවූහොත් ඒ හරහා ආදාල පරික්ෂණ වලටද දැඩි අගතියක් සිදුවන බවයි එම සංගමය විසින් සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.

අබේසේකර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ මෙම විමර්ශන අඩපණ කිරීමට බවට මීට පෙරද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇති බවත් එබැවින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා සිටින බවත් අදාළ ලිපියෙන් වැඩිදුරටත් පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.