33 C
Colombo
Monday, May 6, 2024

බෝම්බයෙන්වත් ආර්ථිකය එච්චර වැටුණෙ නෑ

- Advertisement -

සමගි ජන බලවේගයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටින්නේ තමන් යටතේ දේශපාලනය කළ අය බවත් දැන් තමන් තෙවැනි පෙළක් නිර්මාණය කරගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වර්තමානයේ රට පවතින තත්ත්වයට දේශපාලනයේ සිටින සියලු දෙනා වගකිව යුතු බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු පවසා සිටියේ.

ප්‍රශ්නය –

“මේ වෙලාවෙ ජනාධිපති නම් මොකද කරන්නේ ?”

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා –

“මම කිව්වේ මම ජනාධිපති නෙවෙයි ඒත් කරන්න ඕනෙ මොකක්ද කියලා මම කියලා තියෙනවා. මම රටේ ජනාධිපති නම් මම ඒකත් කරනවා. 2019 වෙනකොට අපි ආර්ථිකය හදලා තිබුණේ. බෝම්බයෙන්වත් එච්චර වැටුණේ නෑ. එතන ඉදන් ඉදිරියට ගෙනියනවා මම හිටියා නම්. Covid නිසා විශේෂයෙන්ම IMF එකෙන් ලබා ගන්න පුළුවන් ආධාර කොහෙන්ද මේ අපිට ඕනේ ඩොලර් සංචිත ගන්නේ?

විදේශ විනිමය ගේන්න එපා අමුද්‍රව්‍ය ගේන්න එපා කියලා මේක වහගෙන යන්න බෑ. ඒක අසාර්ථකයි තව කඩා වැටෙන්න ඉඩ තියනවා. විශේෂයෙන්ම මේ ස්වප් අරගෙන දුවන්නත් බෑ. අපි අයවැයක් දාලා ආපහු යන්න ඉස්සෙල්ලා කියනවා තවත් බිලියන 229 අරගන්නවා කියල. මේකෙ තේරුමක් නෑනේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි දීලා එක දියුණු කරලා මුළු නැගෙනහිර ඉන්දියාවටම තෙල් දෙන්න තිබුණා ඒක කරේ නෑ.

විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය දෙන්න තිබුණ දෙන්න එකඟ වුණා. අපිට මුදල් ලැබෙනවා එකෙනුයි එල් ආර් ටී එකෙන් දෙකෙන් එකෙනුයි ඩොලර් බිලියන දෙකක් තියෙනවා. ඊළඟට Lng දෙන්න ගිය වැඩසටහන නැති කරා. නැත්තං එතන තියෙනවා Lng විදුලි බලාගාර. එතනින් තව බිලියනයක්. ඊළඟට මධ්‍යම අධිවේගී මාර්ග එම් සී සී මේ හැම එකේම සල්ලි තිබුණා. චීනයෙනුත් තිබුණා. මම එකක් කියනවා මම නං ඉන්දියාවයි චීනෙයි , ජපානයයි ඇමරිකාවයි යුරෝපයයි එකවර තරහා කරගන්න යන්නේ නෑ.”

RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...