31 C
Colombo
Saturday, July 27, 2024

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු නේපාල ක්‍රිකට් නායකයාට නිදහස

- Advertisement -

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වැරදිකරු වී සිරදඬුවම් ලබාදී සිටි නේපාල ක්‍රිකට් ක්‍රීඩක සන්දීප් ලමිචානේව එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට එරට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන අතර එසේම එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එක්වීමටට බොහෝදුරට අවස්ථාව හිමිවෙන බවයි වාරතා වන්නේ.

ඒ සම්බන්ධයෙන් නේපාල ක්‍රිකට් සංගමය පවසා ඇත්තේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලදහොත් සන්දීප්ව සිය ලෝක කුසලාන සංචිතය සඳහා නම් කරන බවයි.
  
පතාන් මහාධිකරණ ප්‍රකාශකයෙක් පැවසුවේ, සාක්ෂිවල තිබූ දෝෂයක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයා ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ බවයි.

කත්මන්ඩු අධිකරණය විසින් පසුගිය ජනවාරි 10 වනදා 18 හැවිරිදි තරුණියක්ව අපයෝජනය කළ බවට එල්ලවූ චෝදනාවට ලමිචානේ වැරදිකරු බවට නියෝග කළා.
  
එසේම ඔහුට ඩොලර් 2,255ක දඩයක් නියම කළ අතර, වින්දිත තරුණියට ඩොලර් 1500 ක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කර තිබුණා.

ජනවාරි 11 වනදා නේපාල ක්‍රිකට් සංගමය විසින් ඔහුට තහනමක් පනවනු ලැබුවා.  

මෙම මස මුලදී තමාට පනවා ඇති සිරදඬුවමට එරෙහිව සන්දීප් ලමිචානේ අභියාචනයක් ගොනුකළ අතර, එහි නීතිමය කටයුතු කෙරෙන අතරතුර ඔහුව බන්ධනාගාරයෙන් තාවකාලිකව නිදහස් කිරීමට අධිකරණය අනුමැතිය දී තිබුණා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...