31 C
Colombo
Monday, June 17, 2024
spot_img

හෙරොයින් විකිණු සුරාබදු නිලධාරියා අත්අඩංගුවට

- Advertisement -

හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව පැවසෙන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔහුට මත්කුඩු ලැබෙන ආකාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට එම මත්කුඩු ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ බව පොලිසිය පවසනවා.

ඒ අනුව පොලිසිය විසින් උපාය දූතයෙකු යොදවා මත්කුඩු මිලදී ගන්නා අවස්ථාවේ දී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු කොළඹ සුරාබදු ප්‍රධාන කාර්යාලයේ රාජකාරියේ නියුතු සුරා බදු නිලධාරියකු බව අනාවරණය වු බව පොලිසිය පවසනවා .

අත්අඩංගුවට ගත් සුරා බදු නිලධාරියාගේ සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු, අයිස්, ගංජා, ඩිජිටල් තරාදියක් මුදලින් රුපියල් දස දහසක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සුදු වැන් එකකින් තරුණයෙක් පැහැරගෙන

0
සුදු වැන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙසේ...

මගී අධිකාරියේ තුනක් හොර සහතිකවලින් ලොක්කෝ වෙලා

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර එම තනතුරු ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව)...

ලංකාවේ අනාගතය ඉදිරි වසර පහ තුළ තීරණය කරනවා-රනිල්

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...