30 C
Colombo
Friday, May 17, 2024

බම්බලපිටිය වෙඩි තැබීමේ සිදුවීමට චෝදනා එල්ල වූ සුරාබදු නිලධාරීන් නිදොස්කොට නිදහස්

- Advertisement -

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර අණ නොතකා පළායමින් සිටි ජාවාරම්කරුවන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයකට බම්බලපිටිය ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් සැකකාර සුරාබදු නිලධාරීන් 4 දෙනා නිදොස්කොට නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවේ ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී.

ඉදිරි විමර්ශන සිදු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව චෝදනා ගොනු කළ බම්බලපිටිය පොලිසිය කරුණු දක්වමින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරයා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 4 දෙනා නිදොස් කොට නිදහස් කර තිබෙන බව සඳහන්.

පසුගිය මස 7 වනදා බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සැකකරුවන් පැමිණි මෝටර් රථයට වෙඩි තබා තිබූ අතර ඉන් කිසිවෙකුටත් හානි සිදු නොවු අතර ඔවුන් පැමිණි මෝටර් රථය මහ මග දමා ගොස් තිබියදී සොයාගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: ගෝඨාභයට නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන...

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...