25 C
Colombo
Sunday, May 19, 2024

චීනය සහ අමෙරිකාව අතර බල අරගලයට මැදි වූ ඔස්ට්‍රේලියාව

- Advertisement -

ආරක්ෂක උපායමාර්ගික සමාලෝචනයේ පසුබිම මත ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය අනුගමනය කරන ප්‍රවේශය එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයෙකු විවේචනය කර තිබෙනවා.

මෙම විවේචනය සිදු කර ඇත්තේ රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ සහ ආරක්ෂක උපකරණ නිෂ්පාදනය කරන සිවිල් සමාගම්වල දශක තුනක ඒකාබද්ධ පළපුරුද්දක් ඇති, ඔස්ට්‍රේලියානු කර්මාන්ත සහ ආරක්ෂක ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රෙන්ට් ක්ලාක් විසින්.

මිලිටරි විශ්ලේෂකයින් සහ විචාරකයින් ඉදිරි වසර හතරේ සිට අට දක්වා කාලය තුළ ගැටුම් පුරෝකථනය කිරීමත් සමඟ, ඔහු කියා සිටින්නේ තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට නොහැකි, නිලධාරිවාදයේ ගිලී සිටින සහ රටවැසියා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ස්වයංපෝෂිත හැකියාවන් ගොඩනගා ගැනීමට නොහැකි රජයක් විසින් වටිනා කාලය නාස්ති කර ඇති බවයි.

තවද අනාගත ඕනෑම ගැටුමක් සඳහා ඔස්ට්‍රේලියාව සූදානම් නැතිවා පමණක් නොව, වෙනත් රටවල් මත යැපීමට සිදු වීමෙන් රට බලාපොරොත්තු රහිත ලෙස අනාරක්ෂිත තත්ත්වයට පත්කර ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඇතුළු පාලනය “චීනය” විශේෂයෙන් සඳහන් කිරීමෙන් වැළකී සිටිය ද ක්ලාක් එසේ නොකර ඒ පිළිබඳ අදහස් පළකර තිබුණා.

“චීනය අන් සියල්ලන් අභිබවා යමින් සිටිනවා. දැනට, චීනය අපගේ නාවික නැව්වල සහ අනෙකුත් උපකරණවල භාවිත කරන ඉලෙක්ට්‍රොනික පරිපථ කාඩ්පත් අපට සපයනවා. එබැවින් බීජිං සමඟ ඇති විය හැකි ඕනෑම ගැටුමකදී චීනය ඔවුන්ට එරෙහිව අපගේ යුද ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය දෑ සපයනු ඇතැයි සිතිය නොහැකියි,” යැයි ඔහු පෙන්වා දෙනවා.

අපගේ සියලුම ආරක්ෂක උපකරණවලට අවශ්‍ය කොටස් වලින් සියයට 25ක් යොදවන කෙනෙකු සමඟ ගැටුමක් ඇති කර ගැනීමටයි අපි සූදානම් වෙන්නේ,” යනුවෙන් ඔහු අනතුරු අඟවනවා.

“අපගේ කෲස් මිසයිල වත්කම් ක්ෂය වූ පසු අපට නැවත සැපයීම සඳහා සම්පූර්ණයෙන්ම එක්සත් ජනපදය මත රඳා පවතින්න සිදුවෙනවා.එක්සත් ජනපදයට එම ආයුධ නිපදවිය හැක්කේ නිශ්චිත අනුපාතයකට පමණයි. එම තත්ත්වය තුළ අපගේ මිත්‍ර රටවල් පළමුව ප්‍රමුඛත්වය දෙන්නේ තමන්ටමයි. ඒ නිසා ඔස්ට්‍රේලියාවට මිසයිල ලබා ගත හැක්කේ ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව පමණයි. ,” යැයි ක්ලාක් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...