30 C
Colombo
Thursday, June 8, 2023

චීන කොරෝනා වැක්සින්වල සාර්ථකභාවය පිළිබඳ විශේෂඥයින් දෙගිඩියාවෙන්

- Advertisement -

චීනයේ නිෂ්පාදනය කර බෙදාහරින කොවිඩ් වැක්සීන්වල සාර්ථකභාවය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

සයිනොෆාම් සහ සයිනොවැක් යන චීන එන්නත් දෙක යොදාගෙන ජනගහනයෙන් අඩකටත් වඩා එන්නත්කරණයට ලක් කළ රටවල් කිහිපයක, පසුගිය සතිදෙක තුළදී නව කොවිඩ් ආසාදිතයන් අසාමාන්‍ය ලෙස ඉහළයාම මෙම සැකයට හේතුවී තිබේ.

මේ වනවිට සපේක්ෂව ලෝකයේ වැඩිම ජන ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක් කර ඇත්තේ සීෂෙල්ස් රාජ්‍යයයි.

මොං⁣ගෝලියාව, චීලී සහ බහරේන් යන රටවල්ද ඉහළ එන්නත්කරණය ප්‍රතිශතයක් වාර්තා කර ඇති අතර එම රටවල් හතරේ එන්නත්කරණ ප්‍රතිශතය ජනසංඛ්‍යාවෙන් 50% ත් 68% ත් අතර වේ.

කෙසේවෙතත්, එන්නත්කරණය සදහා මූලිකවම චීන එන්නත් භාවිතා කළ එම රටවල හතරේම පසුගිය සතිදෙක තුළ නව ආසාදිතයන්ගේ අසාමාන්‍ය වැඩවීමක් පවතින බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා වේ දැක්වේ.

හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරසවේදය පිළිබද අචාර්ය ජින් ඩොන්ග්යැ සදහන් කරන්නේ මෙම වැඩවීම් රටාව අනුව එන්නතේ සාර්ථකභාවය පිළිබද ගැටලුවක් මතුවන බවයි.

මේ සම්බන්ධයෙන් චීනයේ අදාළ බලධාරීන් වැඩිදුර කරුණු සොයාබැලිය යුතු බවද ඔහු සදහන් කර තිබේ.

සංසංදනාත්මකව වැඩිදුරටත් කරුණු දක්වන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, ෆයිසර් සහ මෝදනා වැනි එන්නත් භාවිතා කළ රටවල ආසාදිතයන් වැඩිවීමේ මෙවැනි රටා නැති බවද පෙන්වා දේ.

එම එන්නත් යොදාගෙන ජනසංඛ්‍යාවෙන් 45%ක් එන්නත්කරණය කර ඇති ඇමරිකා එක්සත් ජනපදයේ අසාදිතයන් වාර්තා වීම 94% කින් අඩුවී ඇති අතර ජනසංඛ්‍යාවෙන් 58%ක් එන්නත් කළ ඊශ්‍රායලයේ නව අසාදිතයන් වාර්තාවීම 4.95%ක් තරම් අඩු මට්ටමකට පත්ව තිබේ.

ලෝකයේ රටවල් 90ක් පමණ චීන එන්නත් භාවිතා කරන බවත්, එහි සාර්ථකභාවය ප්‍රශ්නකාරීවීම , ලෝකයේ කොවිඩ් මර්දනය ප්‍රමාද කර සමාජ,ආර්ථික ආදී ගැටලු රැසක් ඇති කරනු ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...