32 C
Colombo
Friday, June 2, 2023

කංසා වගා කරන්න විශේෂඥයන්ගේ අවසර-දිලුම් අමුණුගම

- Advertisement -

ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමිවූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

මෙරට ආයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ සඳහා ආයෝජකයින් සොයමින් ඉන්නේ ළඟදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අනුමැතිය ලබාදි තිබෙනවා. ඒ සඳහා අපි ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ළඟදීම අප එය අත්හදා බැලීම ආරම්භ කරනවා. ඒ සඳහා අපට ප්‍රදේශයක් තෝරාගත යුතු වනවා. එය බොහෝවිට කලාපයක් වෙයි. විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන අප එය ආයෝජකයන් කිහිපදෙනෙකු සමග ආරම්භ කිරීමට අදහස් කරනවා. ඔවුන් කංසා වැවීම පමණක් නොවෙයි අවම නිෂ්පාදනයන් සැකසිය යුතුයි. එයයි රටට ආදායමක් වන්නේ. එය සිදුකරන ආකාරය සාකච්ඡා කරමින් සිටින්නේ. මොකද නීති සකස් කළ පසු මතභේදයක් පැවතිය යුතු නැහැ. කමිටු වාර්තාව අනුව අපට ඒ සඳහා එය සිදුකරන ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් අවශ්‍යයි.”

RECENT ARTICLES - SINHALA

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

RECENT ARTICLES - ENGLISH

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...