25 C
Colombo
Sunday, May 19, 2024

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පුරුවේදී අද පළමු වරට විභාගයට

- Advertisement -

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගෙන මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගොනුකළ අද (09) සිංගප්පුරුව මහාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිංගප්පුරුව නීති සමාගමක් මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන බවයි වාර්තා වන්නේ.

2021 වසරේ මැයි මස 20 වනදා ගිනි බත් වූ මෙම නෞකා අනතුර මෑතකදී සිදුවූ විශාලතම සමුද්‍රීය පාරසරික අනතුර ලෙස සැලකුණු ද ඊට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විවේචනය එල්ල වුණා.

පසුගියදා මෙම නඩුව නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සිංගප්පුරුව මහාධිකරණයේ ගොනු කරන ලද අතර ඒ අනුව මෙම නඩුව අද (09) දින කැඳවීමට නියමිතයි.

විශේෂඥ අධ්‍යයන වාර්තාවට අනුව සිදුව ඇති සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4කට තක්සේරු කර ඇති අතර එම වන්දි මුදල ලබා ගැනීම සඳහා මෙසේ සිංගප්පූරුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...