කොළඹ පිටත වරායේ ගිනි ගැනීමට ලක්ව ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කන්ටේනර්, දැවී තෙල්, සහ අබලි මීගමු වෙරල තීරයේ ජා ඇල, කපුගොඩ වෙරල තීරයන්ට ගොඩ ගසා තිබෙනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මෙම අබලි වත්තල ප්‍රීතිපුර වෙරල තීරයේ සිට මීගමු වෙරල තිරය දක්වා කිලෝ මීටර් නවයක පමණ ප්‍රමාණයක මේ වනවිට පැතිර ඇති බවයි.
ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් සහ තවත් විවිධ ප්‍රමාණයේ කොටස් රාශියක් ඇති අතර ඒවා මේ වනවිට ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව ආරක්ෂක අංශ විසින් ඉවත් කරමින් සිටිනවා.
කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ පිපිරීමකට ද ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව තවදුරටත් ගිනි ගනිමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය යාත්‍රා 4ක් අද (26) කොළඹට ළඟාවීමට නියමිතයි.
පසුගිය 20 වැනිදා ගිනි ගැනීම හටගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව තුළ ඊයේ (25) උදෑසන පිපිරීමක්ද සිදුවුණා.
මේ හේතුවෙන් නෞකාවේ ගින්න තීව්‍ර වූ අතර නෞකාවේ ගබඩා කර තිබූ බහාලුම් රැසක් මේ වනවිටත් ගිනි ගනිමින් පවතිනවා.
පිපිරීමත් සමග නෞකාව මේ වනවිට දකුණු පසට ඇලවී ඇති අතර එහිදී ඇතැම් බහාලුම් මුහුද වැටී තිබෙනවා.






