32 C
Colombo
Sunday, June 4, 2023

තලේබාන් සංවිධානයට එරෙහි ෆේස්බුක් නීති දැඩි වෙයි

- Advertisement -

තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකන බැවින් ඒ හා සම්බන්ධ අන්තර්ගතයන් තාම අවකාශයන් තුළ තවදුරටත් තහනම් කෙරෙන බව ෆේස්බුක් සමාගම පවසනවා

ඔවුන් පෙන්වා දෙන්නේ තලේබාන් සංවිධානයට සම්බන්ධ අන්තර්ගතයක් නිරීක්ෂණය කොට ඉවත් කිරීම සඳහා සමාගම සතුව ඇෆ්ගන් විශේෂඥයින්ගේ කණ්ඩායමක් සිටින බවයි

තලේබාන් සංවිධානය වසර ගණනාවක් සිය පණිවිඩ පැතිරවීම සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන තිබෙනවා

තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බල ඇල්ලීමත් සමඟ එම සංවිධානය හා සම්බන්ධ අන්තර්ගතය නියාමනය කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සමාගම් නව අභියෝගයකට මුහුණ දී සිටිනවා

ඇමරිකා එක්සත් ජනපදය නීතිය යටතේ තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තහනම් කර ඇති බැවින් අන්තරායකාරී සංවිධාන ප්‍රතිපත්තිය යටතේ තම සේවාවන් තලේබාන් සංවිධානයට තහනම් කර ඇති බව ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයෙකු බීබීසී ලෝක සේවය වෙත පවසා තිබුණා

ඒ අනුව තලේබාන් සංවිධානය හෝ ඔවුන් වෙනුවෙන් පවත්වාගෙන යන සියලු ගිණුම් ඉවත් කරන බවත් ඔවුන් උත්කර්ෂයට නැංවීම, ඔවුන්ට සහය දැක්වීම සහ හෝ නියෝජනය කිරීම තහනම් කෙරෙන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ෆේස්බුක් ආයතනය වසර ගණනාවක සිට තලේබාන් සංවිධානය අන්තරායකාරී සංවිධානයක් ලෙස නම් කර තිබෙනවා

ස්වදේශීය Dari සහ Pashto භාෂාව කතා කරන සහ ප්‍රාදේශීය තත්ත්වයන් පිළිබඳ මනා අවබෝධයක් ඇති ඇෆ්ගනිස්ථාන විශේෂඥ කණ්ඩායම සිය අවකාශයේ ඇති වන ගැටලු හඳුනා ගැනීමටත් තමන් දැනුවත් කිරීමටත් උපකාරී වන බව ෆේස්බුක් සමාගම පවසනවා

ෆේස්බුක් සමාගම පවසන්නේ තමන් ගන්නා තීරණ සඳහා බලපාන්නේ ජාත්‍යන්තර ප්‍රජාව දක්වන ප්‍රතිචාර මිස රට තුළ තලේබාන් සංවිධානය පිහිටුවන ආණ්ඩුවට ලැබෙන පිළිගැනීම නොවන බවයි.

Instagram සහ WhatsApp ඇතුලු සමාගම සතු සියලු සමාජ ජාල මාධ්‍ය සඳහා එම ප්‍රතිපත්ති බලපාන බව ෆේස්බුක් සමාගම අවධාරණය කරනවා

සෙසු සමාජ මාධ්‍ය ආයතන ද තම අවකාශයන් තුළ තලේබාන් හා සම්බන්ධ අන්තර්ගතයන් හැසිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා

ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගත් පසු දහස් ගණනක් වන තම් අනුගාමිකයන් දැනුවත් කිරීමට තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයන් යොදා ගත්තේ ටිව්ටර් අවකාශයයි

මෙය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ටිව්ටර් සමාගම පවසන්නේ ත්‍රස්තවාදය හෝ සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන කණ්ඩායම්වලට සිය වේදිකාව යොදා ගැනීමට යොදා ගැනීමට ඉඩ නොදෙන බවයි

තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති පිළිබඳ යූටියුබ් තවමත් නිශ්චිත අදහසක් ප්‍රකාශ කර නැහැ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.