27 C
Colombo
Wednesday, April 23, 2025

මාළු මැරිලා කියලා ව්‍යාජ ඡායාරූප පෙන්වනවා – ‍රාජ්‍ය අමාත්‍ය කංචන

- Advertisement -

වාරකන් කාලයට දිවයින පුරා වෙරල තීරයන්ට මිය ගිය මත්ස්‍යයන් ගොඩ ගැසීම සාමාන්‍ය්ෙන් සිදුවන දෙයක් බව කංචන විජේසේකර මහතා පවසනවා.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (08) දින පාර්ලිමේන්තුව අමතමින්.

වෙරළක් දැක හෝ නොමැති පිරිසක් විවිධ ප්‍රකාශ පතුරවමින් සිටින බවත් ජනතාව තුල අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

විදේශ රටවල මත්ස්‍යයින් ගොඩ ගැසීම් මේ රටේ සිදුවූ ආකාරයට සමාජ මාධ්‍යයන් තුල පල කර ඇති බවත් ඊට අමතරව ධීවරයන්ගේ දැල් වලට හසුවන ඇතැම් මත්ස්‍යයින් හෝ කැස්බෑවන් මුහුදට නැවත දැමීමේදී ඔවුන් ගොඩ ගසා ඒමද සිදු විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම වසරේ කැස්බෑවන් ගොඩ ගැසීම පසුගිය වසර වලට සාපේක්ෂව ඉහළ ගොස් ඇතිද යන්න අවශ්‍ය නම් දත්ත වාර්තා සංසන්දනය මගින් අවබෝධ කර ගත හැකි බවත් කෙසේ නමුත් මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුවෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ගිණිගත් නැවෙන් වන්දි මුදල් ලබා ගැනීමට කටයුතු කරන අතරම සමුද්‍ර පද්ධතියට හානියක් වී ඇත්නම් එය පිළිසකර කිරීමේ කටයුත්තටද මැදිහත් වන බවත් ඒ මහතා අවධාරණය කර සිටිනවා.

අදාල වීඩියෝව පහතින්..

https://www.facebook.com/news19.lk/videos/272114021268870

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES