සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පලකරන පුද්ගලයින් ඊට අදාල නීතිමය තත්ත්වයන්ට අනුව වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
ඒ අනුව,
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120, 286, 286 අ, 291 අ, 291 ආ, 345, 365 ඇ, 402, 403 හා 486 වගන්ති
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යාන්තර සම්මුතිය පනතේ 3 වන වගන්තිය
2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ 6 වෙනි වගන්තිය
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 3 සහ 3 වගන්ති
1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන පනතේ 02 වගන්තිය
යන වගන්ති යටතේ එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව අදාළ නිවේදනයේ සඳහන්.
එම නිවේදනයට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද මීට අදාළකරගෙන තිබීම විශේෂත්වයක්.
විවිධ පුද්ගලයින් සහ පාර්ශවයන් විසින් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් මහජනතාව වෙත අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට වාර්තා වීම නිසා අදාළ ක්‍රියාමාර්ග ගත් බවයි පොලීසිය පවසන්නේ.
එයැවි අසත්‍ය තොරතුරු හේතුවෙන් මහජන සාමය බිදවැටීම, විවිධ ජාතීන් හෝ ආගම් අතර භේද ඇතිවීම, ළමයින්ට හා කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ සිදුවීම, ආගම් ඇඳහීම්වලට පීඩා සිදුවීම, විවිධ වංචා සිදුවීම හා එම අසත්‍ය තොරතුරු මත පදනම්ව මහජනතාව නිරෝධායන රීතිවලට පටහැනිය කටයුතු කිරීම වැනි දෑ නිරීක්ෂණය කර ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.

